Sri Lanka
හලාවත - දැදුරුඔය මෝය ආසන්නයේ ඇති අනවසර ඉදිකිරීම් ඉවතට
124 | 2025-09-29 06:49 PM
හලාවත - දැදුරුඔය මෝය ආසන්නයේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සදහා වෙරළ සංරක්ෂණ දොර්තමේන්තුවේ නිලධාරීන් කළ උත්සාහ ප්‍රදේශයේ ධීවරයින්ගේ දැඩි විරෝධය හමුවේ අතර මග නතර කර දැමීමට එම නිලධාරීන්ට සිදු විය.

29 වැනිදා පෙරවරුවේ මෙම උණුසුම්කාරී තත්ත්වය ඇති විය.

දැදුරුඔය මුහුදට වැටෙන හලාවත - මෝය ආසන්නයේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කර ගන්නා ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ස්ථාන වල පදිංචිව සිටින පිරිස් වෙත මීට පෙර දන්වා තිබී ඇත.නමුත් එම දැණුම් දීම නොතකා තව දුරටත් මෝය ආසන්නයේ ඉදිකර ඇති ස්ථීර ගොඩනැගිලි කීපයක පුද්ගලයින් කීප දෙනෙකු රැදී සිටින බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හදුනා ගෙන ඇත.එසේ අනවසරයෙන් රැදී සිටින පිරිස් ඉවත් කිරීම සදහා පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේද සහාය ඇතිව එම ස්ථානයට ගිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ප්‍රදේශයේ ධීවරයින්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.

වසර 40 කට වැඩි කාලයක් තමන් මෙම ස්ථානයේ පදිංචි වී සිටින බවත්,විදුලිය සහ ජලය ලබා ගෙන හලාවත නගර සභාවට වරිපනම් බදු ගෙවීම් පවා සිදු කරන විට මේ ආකාරයට තමන්ව ඉවත් කිරීම අසාධාරණ බව ඔවුන් කියා සිටියේය.නමුත් වෙරළ සංරක්ෂණ පනතට අනුව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ බලය තමන්ට තිබෙන බව නිලධාරීන් කියා සිටියේය.

එම අවස්ථාවේ දෙපාර්ශවය අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය. කාන්තාවක් තම සිරුරට බූමිතෙල් වත් කරගෙන ගිනි තබා ගැනීමට කළ උත්සාහය පොලීසිය සහ ගම්වාසීන් විසින් වළක්වන ලදි.ඉදි කර ඇති ගොඩනැගිල්ලකට සපයා තිබූ විදුලි බලය විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලයේ සේවකයින් උත්සාහ කරන විටත් දැඩි උණුසුම්ත ත්ත්වයක් ඇති විය.

මෝය ආසන්නයේ ඉදිකර තිබූ ඌරු කොටු දෙකක් සහ එක් ස්ථීර
ගොඩනැගිල්ලක් පමණක් අවසානයේදී ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සිදු විය.

ප්‍රදේශවාසීන් සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර කඩිනම් සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කර පවතින තත්ත්වයට විසදුම් ලබා දීමට කටයුතු කරන බව පොලීසිය කියා සිටියේය.

ජුඩ් සමන්ත

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්