මාවනැල්ල පිහිටා ඇති අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයට ප්‍රධාන මාර්ගයේ මාණික්කාව ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ බැම්මක් බදිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටිම නිසා අද 29 පෙරවරුවේ තිදෙනෙක් එයට යට වි මිය ගොස් ඇති බව මාවනැල්ල පොලිසිය පවසයි.
බැම්ම බැදිම සඳහා කම්කරුවන් සිව් දෙනෙක් සිට ඇති අතර එක් කම්කරුවෙක් වතුර පිපාසයක් හේතුවෙන් එලියට ගොස් පැමිණෙමින් සිටියදි මෙම අවාසනාවන්ත ඛේදවාචකය සිදු වි තිබුණි.
පසුව ප්‍රදේශවාසීන් පොලිසිය යුධ හමුදාම එක්ව බැකෝ යන්ත්‍රයක්ද උපයෝගි කර ගනිමින් පස් ඉවත් කර කම්කරුවන් සොයා ගන්නා විට ඔවුන් මිය ගොස් සිටි බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙම බැම්ම ඉදි කරමින් සිටි ස්ථානයට ඉහළින් අලුත්නුවර දේවාලයට සහ අලුත්නුවර නගරයට යන ප්‍රධාන මාර්ගය පිහිටා ඇති අතර මෙම සිදුවිමෙන් පසුව එම මාර්ගයද තාවකාලිකව වසා මෙම පිරිස සොයා ගැනීමට මෙහෙයුම් කඩිනමින් ආරම්භ කර තිබුණි.
කෙසේ වෙතත් මෙම බැම්ම ඉදි කරන්නට කොන්ත්‍රාත් පදනම මත මෙම කටයුත්ත භාර දී තිබුණු අය එම නිවසේ අයිතිකැ වන අතර ඔහු කෑගල්ල පොලිස්යේ සේවය කරන මහත්මයෙකි.
ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.
ඩබ්ලිව්.ඩබ්ලිව්. ප්‍රේමතිලක.
මෙතන පස් කඩා වැටෙන නිසා බැම්මක් ගහන්න ඔනෑ කියලා මම කල්පනා කරලා තමයි මේ වැඩේ පටන් ගත්තේ. මේ ආසන්නයේ ස්ථානයක වැඩක් කරමින් හිටියා බාස්ලා කිහිප දෙනෙක් ඒ අයට මම කතා කරලා කිවා මාගේ වැඩක් තියෙනවා කරලා දෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ කරලා දෙන්නම් කියලා පොරොන්දු වුනා. මම වැඩට ගියපු වේලාවක ඇවිත් බලලා ලක්ෂ දෙකයි පනස්දාහකට කරලා දෙන්නම් කියලා පොරොන්දු වේලා තිබුණා මම කිවා දෙකයි හතලිහට කරමුද කියලා ඊට පස්සේ හා කියලා කොන්ත්‍රාත් පදනම මත වැඩේ භාර ගත්තා.
ඊට පස්සේ කාණු කපමින් සිටියදි. සද්ධයක් ඇහුනා ඒ කරලා බලද්දි සම්පුර්ණයෙන් කාණුව වැහිලා ඊට පස්සේ ලග අහල පහල අයට යාළුවන්ට කතා කරලා බැකෝ ගෙනත් මේ අය ගොඩ ගත්තා නමුත් ආවාසනාවන්ත ලෙස ඔවුන් මෙලොව හැර ගිහින් තිබුණා යැයිද ඔහු පැවසීය.
මිය ගිය අයගේ දේහයන් මේ වන විට මාවනැල්ල රජයේ රෝහලේ ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
මෙලෙස මිය ගිය අය අරණායක ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් වන්නේ වයස අවුරුදු 63 ක් වන පට්ටගම ගල්අතර ලිපිනයේ පදිංචි පී.ජී. ජිනසෝම සහ වයස අවුරුදු 40 ක් වන ලලිත් ප්‍රියන්ත කුමාර සහ වයස අවුරුදු 47 ක් වන පි.සංජිව නන්දසිරි යන අයයි.
මේ සියලු දෙනාම එකම ගම්මානයේ අය වන අතර සියලු දෙනාම විවාහකයන් බවයි පොලිසිය පවසා සිටියේ.
කෙසේ වෙතත් වතුර පිපාසයක් නිසා එලි මහනට ගොස් සිටි මාවනැල්ල කහකොටුව පදිංචි යු.ඩබ්. ජයම්පති ජයරත්න යන අය අදහස් දක්වමින් මෙසේ පැවසීය.
අපි දවස් හතරක් තිස්සේ වැඩ කරමින් සිටියා. මමයි සංජිවයි අපි ටික ඊට පස්සේ කානු කපමින් සිටියදි ඉවුර ඇවිත් තුන්දෙනා යට වුනා. මම කාණුව අස්සේ ඉදලා වතුර බොන්න උඩට ආවාට පස්සේ තමයි මේ සිදු විමට මුහුණ දුන්නේ යැයිද පැවසිය.
කෙසේ වෙතත් මේ පිරිස බේරා ගැනිම වෙනුවෙන් මාවනැල්ල මුලික රෝහලේ වෛද්‍යවරුන් හෙඳ කාර්ය මණ්ඩලය සහ සෙසු පිරිස ගත් උස්සාහයද බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් විය. සිද්ධීය සැල වු විගස මාවනැල්ල ප්‍රාදේශිය ලේකම්තුමියද ඒම ස්ථානයට පැමිණ අවශ්‍ය කටයුතු කරන්නට උපදෙස් ලබා දෙන අන්දමද දැක ගත හැකි විය.
සටහන සහ ජායාරූප මාවනැල්ල සමන් විජය බණ්ඩාර