Sri Lanka
ලොව උසම පාලම වන චීනයේ Huajiang පාලම ගමනාගමනය සඳහා විවෘත කෙරේ
2025-09-28 06:48 PM
විශාල කඳු දෙකක් යා කරමින් චීනයේ ඉදිකර තිබෙන ලොව උසම පාලම වන Huajiang පාලමෙහි ගමනාගමන කටයුතු ආරම්භ කරමින් රථවාහන ධාවනය සඳහා අද (28) එය විවෘත කෙරිණ.

චීනයේ Guizhou පළාතේ පිහිටා ඇති මෙම ප්‍රධාන පාලම ලොව දිගින් සහ උසින් වැඩිම පාලම වේ.

පාලම සහ ඊට පහළින් ගලා යන ගංගාවේ ජලය මතුපිට අතර උසෙහි පරතරය මීටර් 625ක් වන අතර, ලොව එවැනි වැඩිම පරතරයක් සහිත ස්ථානය වන්නේ ද මෙයයි.

පාලම අද දින මෙලෙස ගමනාගමනය සඳහා විවෘත කිරීමත් සමඟ, මීට පෙර ඒ අතර ගමනාගමනයට ගත වූ පැය 2ක කාලය දැන් මිනිත්තු 2ක් දක්වා අඩු වී ඇත.

මෙහි ඉදිකිරීම් සඳහා වසර තුනක් ගත වූ අතර, එහි සැලසුම ආරම්භයේ සිටම ඒ අවට සංචාරක සම්පත් සමඟ ඒකාබද්ධ කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලදී.

පහළින් ගලා බසිනා දිගු ගංගාවකට ඉහළින්, එය හරහා ඇති විශාල කඳු දෙකක් යා කරමින් ඉදිකර තිබෙන මෙම පාලම අනාගතයේ දී ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් පමණක් නොව, එම කඳු දෙපස සිටින ජනතාවගේ ජීවිත නඟා සිටුවීමට ද හැකි නව සාධකයක් බවට පත්වනු ඇත.
Facebook හරහා කියවන්න
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට