Sri Lanka
පොළොන්නරුවේ රිළවුන් සහ වඳුරන් අතර සමාජ රෝගයක්
2025-09-28 06:45 PM
පොළොන්නරුව සහ ගිරිතලේ යන ප්‍රදේශවල රිළවුන් සහ වඳුරන් අතර සමාජ රෝග තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වී තිබේ.

පූජා නගරය ආශ්‍රිතව ද වඳුරන් සහ රිළවුන් විශාල වශයෙන් සැරිසැරීම හේතුවෙන් මිනිසුන් අතර ද රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස වනජීවී නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

එම රෝගී තත්ත්වය මිනිසුන්ට බෝ වීමේ අවදානමක් පැවතුණ ද ජනතාව තුළ ඒ පිළිබඳ නිසි දැනුවත්භාවයක් නොමැති බවද සඳහන් වේ.

පොළොන්නරුව සහ ගිරිතලේ යන ප්‍රදේශවල දිගුකාලීන ගැටලුවක් වී ඇති රිළවුන් සහ වඳුරු ගහණය අධික වීම තවමත් නොවිසඳුනු ගැටලුවකි.

කෙසේවෙතත් මෙම ආසාදන සහිත වඳුරන් සහ රිළවුන් නිර්වින්දනය කර සාම්පල ලබාගෙන පරීක්ෂණ සිදුකිරීම මේ දිනවල සිදු කෙරේ.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට