ඉතිහාසයේ ප‍්‍රථමවරට කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේදී ශුසුම්නාව ආශ‍්‍රිත කොදුඇට පේලියේ සිදුකළ සැත්කම පසුගිය 25 දින ඉතා සාර්තකව සිදුකිරීමට විකලාංග ශල්‍යවෛද්‍ය විශේෂඥ චානක සෝලංගආරච්චි මහතාට හැකිව ඇත.
මීට පෙර මෙම සැත්කම කුලියාපිටියේ පමණක් නොව කොළඹ හා මහනුවර ජාතික රෝහල්වල හෝ කරාපිටිය රාගම කලූබෝවිල ආදී රෝහල් වල හො සිදුකර නොමැති ශල්‍යකර්මයකි. අනෙක් සුවිශේෂීම කාරනය වන්නේ මෙම සැත්කම කොදුඇට පේලිය පුරාවට ගෙල ප‍්‍රදේශයේ පටන් ඉන ප‍්‍රදේශය දක්වා කැපුමක් යොදා සිදුකර තිබූ අතර වෛද්‍ය චානක මහතා මෙම ශල්‍යකර්මය එන්ඩොස්කොපි නොහොත් කැමරාවක් යවා එයින් නිරීෂක්‍ණය කරමින් සිදුකිරීමයි.
ඒ මහතා පවසන අන්දමට එසේ කිරීම මගින් රෝගියා පූර්ණ නිර්වින්දනයකට යටත් නොකොට අදාල ප‍්‍රදේශය පමණක් හිරිවට්ටවා සිදුකිරීමෙන් රෝගියා සැත්කමින් අනතුරුව තම පාද වැඩකරාවිද නැද්ද යන අවදානම් තත්වයට පත්නොවීමද විශේෂත්වයකි. අනෙක් කරුණ වන්නේ පෙර පරිදි කැපුමක් යොදා සැත්කමක් කළ පසු එම තුවාලය වියලී තනිව ඇවිද යාමට ඇතැම් විට මසක පමණ විෂාල කාලයක් ගතවුවත් මෙම ක‍්‍රමය යටතේ සිදුකරන සැත්කමින් පසුව රෝගියා තනිව ඇවිදගන වාට්ටුවට යාමද විශේෂ බවයි.
එහිදී අදහස් දැක්වූ විකලාංක ශල්‍ය වෛද්‍ය විශේෂඥ චානක සෝලංගආරච්චි මහතා මෙසේද පැවසීය. මේ ක‍්‍රමය මුල්වරට ආරම්භකළේ මම පොළොන්නරුව රෝහලේ සේවය කරද්දි. වසර එකහමාරකට මත්තෙන් මම අවදානමක් අරගන මගේ කාර්ය මණ්ඩලය විශ්වාස කරලා සිදුකළ සැත්කම් සියල්ලම පාහේ සාර්ථක වුණා. දැනට මම කුලියාපිටියෙ ශික්‍ෂණ රෝහලේ වැඩ බාරගෙන සති දෙකයි. අද ඉතාම සුවිශේෂී දවසක්. අදත් සැත්කම් දෙකක් ඒ ක‍්‍රමවේදය යටතේ සිිදුකළා එ් දෙකම සාර්ථකයි. අනෙක දියවැඩියාව හෘද රෝග ආදී රෝග තියන අයටත් නොබියව ටමම ක‍්‍රමය යටතේ සැත්කමකට භාජනයවියහැකි. මට රෝහල් අධ්‍යක්‍ෂගේ පටන් පල්ලෙහාම සේවක මහත්තයා පවා දුන්න සහයෝගයත් එ් සාර්ථකත්වයට හේතුවක්්. කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ ඊට අදාළ උපකරන රැසක් තියෙනවා. මේ වෙනවිට ඊට අදාළ ඇ`දක් නැහැ. තියන ඇද අපි තාවකාලිකව නිර්මානාත්මක වෙනස්කම් වලට බ`දුන්කරලා තමයිි අපි මේ සැත්කම් කළේ. මේ ශල්‍ය කර්ම වලට අදාළ උපාංග පහසුකම් වශයෙන් ලැබෙනවානම් තව තවත් අපේ සේවාව පුලූල් කරගන ජනතාවට සේවය සලසන්න පුලූවන්.
එහිදී සේවය ලැබූ සැත්කමට භාජනය වූ වයස අවුරුදු 20ක දැරියගේ දෙමාපියන් පැවසූයේ යුධහමුදා රෝහලට ගිය පසු කළ පරීක්‍ෂණයේදී තම දියණියට ශල්‍යකර්මයක් සිදුකළයුතු බව දැනුම්වත් කළ බවයි. මාතර තිහගොඩ පදිංචි තමන් රටපුරාම ඊට සුදුසු වෛද්‍යවරයෙකු සොයමින් සිටියදී වෛද්‍ය සෝලංගආරච්චි මහතාගැන බොහෝදෙනෙකු දැනුම්දුන් අතර එතුමා සේවය කරන කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට පැමිණ දියණියගේ සැත්කම කරගත් බවත් එය ඉතා සාර්ථකව නිමකර ඇති බවත් පැවසීය. මාතර සිට පැමිණි තම පවුලම අදාළ වෛද්‍ය වරයා ඇතුලූ කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට ණය ගැති බවද කියමින් කොදු ඇටපේළිය සම්බන්ධව පවත්නා ඕනෑම සිදුවීමකදී නොබියව කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට පැමිණෙන්නයි නම පැවසීමට අකමැත්තක් දැක්වූ රෝගී දරුවාගේ පියා වැඩිදුරටත් පැවසීය.
මාධ්‍යවේදී කුලියාපිටිය දිනේෂ් උපේන්‍ද්‍ර