කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිසුවෙකුට නවකවධය දී අතින් පයින් පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධව කුලියාපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ තෙවැනිවසරේ සිසුන් සිව් දෙනෙකු කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතුරුසිංහ මහතා හමුවට ඉදිරිපත්කරනලදුව මේ මස 29 දක්වා රිමාන්ඩ් බාරයට පත්කරනලෙස නියම කළේය.
එලෙස රිමාන්ඩ් වූයේ කුලියාපිටිය වයඹ සරසවියේ තෙවැනිවසර සිසුන් සිවුදෙනෙකු වූ හෙට්ටිපොල, කටුපොත, මාරකවිට, උකුවෙල ප්‍රදේශ්වල පදිංචි සිසුන් සිව් දෙනෙකි.
පහරකෑ සිසුවා තුවාලලබා කුලියාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව අධිකරණය හමුවේ කරුණු කී පොලිසිය සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත්කළයුතු බවද පැවසීය.
සැකකරුවන් වෙනුවෙන් කරුණුකී නීතඥ හිලරි ප්‍රසන්න කියාසිටියේ සැකකරුවන් ලෙස නම්කර ඇති සිසුන් හා පැමිණිලිකරු එකම සරසවියක සිසුන් බැවින් පෙරෙට්ටුවක් අනවශ්‍ය බවයි. සොත්ති උපාලි කිව්වත් උපාලි රණසිංහ කිව්වත් එකම කෙනානම් පෙරෙට්ටුවක් අන්වශ්‍ය වන්නේ අන්වර්ථ නාම නොහොත් කාඩ් වලින් හඳුන්වන්නේ කවුද යන්න පැමිණිලි කරු හොඳින් දන්නා බවයි.
කෙසේවෙතත් ඉදිරිදිනයේ ආවරණ සහිතව ඉදිරිපත්කරන්නැයි මහේස්ත්‍රාත් වරයා එහිදී බන්ධනාගාරයට නියම කළේය.<div>
කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර