ගිරිඋල්ල නගරයට ආසන්න නිවසක තිබී තීරුබදු නොගෙවා මෙරටට රැගෙන ආ බව කියන බීඩි කොල තොගයක් අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා ඇතුලූ කණ්ඩායමකට ඊයේ අලූයම(26) හැකිව තිබිණ.
කුලියාපිටිය කොට්ඨාසබාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ එස් කරුණාසිංහ මහතාට ලද තොරතුරකට අනුව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා ඇතුලූ කණ්ඩායමක් එම ප‍්‍රදේශයට ගොස් සූක්‍ෂමව අදාළ නිවස වටකර එම බීඩිකොල තොගය සොයාගන තිබිණ.
එහිදී එක් බහාලූමක වියළි බීඩිකොල කිලෝ 50කට අධිකව ඇසුරුම්කර තිබූ අතර එවන් බහාලූම් සියයකට ආසන්න ප‍්‍රමාණයක් එම නිවසෙන් සොයාගැනිණ.
අදාළ නිවස කලක පටන් එක් එක් අයවලූන් අතට විකිණී තිබූ බව මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබූ බවත් එ් අනුව මේ වනවිට හිමිකරු විසින් කුලී පදනමින් ලබාගන ඇති අයෙකු විසින් මෙම ජාවාරම සිදුකරගන යන බවට සැකකරන බවත් පොලිසිය කියයි.
අදාළ බීඩිකොල තොගය රැගෙන ආවේ කවුරුන්ද හා කෙසේද යන්න මේ වනවිටත් පොලිසිය විමර්ශන ආරම්භකර ඇත. එමෙන්ම පොලිසිය සිය බාරයට ගෙන තිබූ බීඩි කොළ තොගය ලොරි රථ දෙකකින් ගෙනැවිත් ගිරිඋල්ල පොලිසියට වැඩිදුර විමර්ශන ස`දහා බාරදීමටද කටයුතු කළේය.
කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ ජේ එස් කරුණාසිංහ, මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කමල් රත්නායක, පොලිස් සැරයන් ප‍්‍රියශාන්ත 62230  දිසානායක 26768  හපුආරච්චි 79709  ඇතුලූ නිළධාරීන් පිරිසක් වැටලීමට සහභාගීවූහ.