අලුත්ගම තුසිත කුමාරද සිල්වා
බේරුවල පාදාගොඩ ගොවි ජන සේවා බල ප්‍රදේශයටඅයත් ගල්හේන,වැලපිටිය ගොවි බිම් හරහාඊයේ(25)දහවල් හමා ගිය දැඩි සුළඟින් පොල්, දෙල් ,අඹ, කෙසෙල් සහ එළවළු වගාවන් රැසකට හානි වී ඇතැයි ගොවීන් පවසයි.
දහවල ඇතිවූ වර්ෂාවත් සමඟ විනාඩි කිහිපයක දැඩිසුළඟින් ව්ශාල ගස් ඉදිරි බ්මට පතිතව් මෙම හානි සිදුව තිබේන බව ප්‍රදේශය භාර කෘෂිකර්ම නිෂ්පාදන සහකාර ප්‍රමිත ද සිල්වා මහතා සඳහන් කළහ. ප්‍රදේශයේ පොල් වගා කරුවෙකු වන චතුල කුලසේකර මහතාට අයත් අක්කර ගනනක පොල් ඉඩමේ ක්ෂණිකවම ඇතිවූ සුළඟින් පොල් ගස් පහළොවක්පමණ සුළඟින් හානි වී එම භූමියේම තිබූ දෙල් , අඹ ඇතුළු විශාල ගස් වැසක් මුලින්ම ඉදිරි වැටි විනාශ වී ඇති බව කීය. නිවාස කීපයකටද සුළු හානි සිදුව ඇති අතර ගස්වැටීමෙන් නිවාස කිහිපයක විදුලිය ව්සන්දි වීමක්ද සිදුවතිබේ.
නිවසක සෙවිලි ගහඩු ගැලවී එළිමහනේ තිබූ වැසිකිළියකටද සම්පූර්ණයෙන්ම හා නිව් තිබෙයි.
ඒ පිළිබඳව අදහස් දක්වු තරංග වැලපිටි මහතා කියා සිටියෙ ඵලදාව ලැබෙන තමන්ගේ බන්ඩක්කා ගස් 250ක් පමණ සුළඟට පෙරළි විනාශ වී ඇති බවත් තවත් එවැනිම එළවළු ගොව්මහත්ම මහත්මීන්, කිහිප දෙනෙකුගේ බන්ඩක්කා ගස් හත්සිය පනහකට පමණ මෙවැනිම විනාශයක් වී ඇති බවයි.
මේ පිළිබඳ බේරුවල ප්‍රාදේශීය ලේකම් ජනක පෙරේරා මහතාගෙන් වීම සීමේදී ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා සහා කෘෂිකර්ම නිෂ්පාදන සහකාරවරුන් දැනුවත් කර ඒ පිළිබඳ සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස දැනුම් දී ඇති බවකීය.