Sri Lanka
හලාවත රිය අනතුරකින් යතුරුපැදිකරු මියයයි.
2025-09-25 08:59 AM
යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින්පුද්ගලයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව වෙන්නප්පුව පොලීසිය සදහන් කරයි.

ඉකුත් 23 වැනිදා සවස හලාවත - කොළඹ මාර්ගයේ වෙන්නප්පුව - දුම්මලදෙණිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත. අනතුරින් මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව - දුම්මලදෙණිය පදිංචිකරුවෙකු වන රතුගමගේ අශෝක් රවී ප්‍රනාන්දු (අවු:52) නම් අයෙකි.

අනතුරට පත්ව ඇති අය යතුරු පැදියක් තල්ලු කර පන ගන්වා ගෙන එයට ගොඩ වීමට උත්සාහ කර ඇත.එක් වරම පන ගැන්වී ඇති යතුරු පැදිය ඉදිරියට ධාවනය වී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරියක බද කොටසේ ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි.

යතුරු පැදිකරු ලොරියේ පසුපස රෝදයට යටවීමෙන් එම ස්ථානයේදීම මිය ගොස් ඇත.අනතුරට සම්බන්ධ ලොරිය හලාවත සිට කොච්චිකඩේ ප්‍රදේශයේ උළු කර්මාන්ත ශාලාවකට දර ප්‍රවාහනය කරමින් තිබී ඇත.

ලොරියේ රියදුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වෙන්නප්පුව පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශණ කරගෙන යයි.

ජුඩ් සමන්ත හලාවත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට