Sri Lanka
පොලීයටත් දැන් රූපලාවන්‍යාගාරයක්
2025-07-16 12:27 PM
පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ .රූ සිරි. නමින් නවීන රූපලාවන්‍යාගාරයක් විවෘත කර තිබේනවා. මෙය පොලිස් සේවා වනිතා ඒකකයේ මුලිකත්වයෙන් වැඩිදියුණු කරන ලද අතරල ඊයේ 15 දින පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු අතර පොලිස් නිලධාරීන් පමණක් මෙතෙක් කාලයක් සහනදායි මුදලකට මෙහිදී සේවාව ලබාගැනීම සඳහා උදාකර තිබුණද මින් ඉදිරියට පොලිස් නිලධාරිනියන්ට පොලිස් පවුල්වල සාමාජිකයින්ට හා ඒ වෙත පැමිණෙන භාහිර පාර්ශවයන් වෙතද සහනදායි මිලකට සියලුම රූපලාවන්‍ය කටයුතු සිදුකර ගත හැකිය. මෙහි සේවය කිරීම සඳහා පොලිස් නිලධාරීන්ගේ පවුල්වල විෂයෙහි ප්‍රවීණ සාමාජිකයින්ට අවස්ථාව හිමිකර දීම මෙහි විශේෂත්වයකි. පොලිස් සේවා වනිතා ඒකකයේ වැඩබලන සභාපතිනි නිල්මිණී සමරතුංග මහත්මියල එම සංගමයේ සාමාජිකා සංදීපා සෙව්මිණි මහත්මිය හා පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ අණදෙන නිලධාරී කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අදහස් හා අධීකරණය යටතේ මෙම රූපලාවන්‍යාගාරය සාර්ථකව වැඩිදියුණු කිරීමට අපේක්ෂිතය.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට