Sri Lanka
මෙතෙක් ගොඩබිමින් කළ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම මෙයයි - පොලිස්පති
2025-09-23 08:08 AM
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ කළ මත්ද්‍රව්‍ය වැටලීම ගොඩබිමින් සිදුකළ විශාලම මත්ද්‍රව්‍ය වැටලීම බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.

පොලිස්පතිවරයා ඊයේ (22) තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය හමුවූ ස්ථානයට ගොස් මාධ්‍යයට අදහස් දක්වමින් එසේ සඳහන් කළා.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස්පතිවරයා මෙසේ ද පැවසුවා.

“මහජනයා ගෙන් දැන් අපිට මත්ද්‍රව්‍ය පිළිබඳව විශාල වශයෙන් තොරතුරු ලැබෙමින් පවතිනවා. දවසකට රට පුරා පොලිසිවලින් මත්ද්‍රව්‍ය වැටලීම් විශාල වශයෙන් කරනවා. ඒ වගේම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වෙච්ච ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් සියළුම පුද්ගලයින්ව ගම් මට්ටමින් බිම් මට්ටමින් හඳුනාගෙන ඔවුන්ව අපට හඳුන්වා දෙන්න කියලා. ඒ අනුව අවශ්‍ය නීතිමය රාමුව, අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න පසුබිම හදලා තිබෙනවා. පොලිසිය ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග නොගන්නේ නම් ඒ පිළිබඳවත් තොරතුරු ලබා දෙන්න 1997 සහ 0718598888 වට්ස්අප් අංකයට තොරතුරු ලබා දෙන්න පුළුවන්. ඒවාගේ රහස්‍ය භාවය සම්පූර්ණයෙන්ම අපි ආරක්ෂා කරනවා. අද උදේ මළසිරුරු දෙකක් සමඟ අයිස් සහ හෙරොයින් සොයා ගැනීමට හැකියාව ලැබුණු වහාම ක්‍රියාත්මක වෙලා වැටලීම් කළා. රාජ්‍ය බුද්ධි සේවාවේ නිළධාරින්ට ලැබුණු තොරතුරක් මත එහි නිළධාරින් වහා ක්‍රියාත්මක වුණා. ඒ සම්බන්ධව කටයුතු කර මෙම මත්ද්‍රව්‍ය තොගය අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණා. ඒ සදහා අපි නිලධාරින් විවිධාකාරයෙන් යොදවා තිබෙනවා . ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ව කිසි ලෙසකින්වත් ආරක්ෂා කරන්න කටයුතු කරන්නේ නැහැ. මෙය ගොඩබිමින් සිදුකළ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීමයි. පසුගියදා මාතරින් මත්ද්‍රව්‍ය කිලෝ 394 ක් අත්අඩංගුවට ගත්තා. මෙම ප්‍රදේශයෙන් කිලෝ 600 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ටී 56 ගිණිඅවියක්, රිවෝල්වර 05 ක් සොයාගෙන තිබෙනවා. මා මෙතැනට ආවේ මෙම වැටලීම සිදුකළ නිළධාරින් දිරි ගන්වන්නයි. ඒ වගේම ජනතාව තුළ විශ්වාසයක් ඇති කරන්නයි. මෙවැනි වැටලීම් කරන නිලධාරීන්ට මෙන්ම තොරතුරු දෙන මහජනතාවට ද ත්‍යාග ලබා දෙන්න අපි කටයුතු කරනවා.”
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට