Sri Lanka
කදිරාගේ පහරදීමෙන් ඇත්ගොව්වා රෝහලට
2025-09-23 08:05 AM
මහනුවර දළදා මාළිගාවේ ඇත් පන්තියට අයත් 'කදිරා' නැමති අලියා 22 පස්වරුවේ ඇත් ගොව්වාට පහරදීමක් සිදුකර ඇතැයි වාර්තා වේ.

අලියාගේ පහරදීමෙන් තුවාල ලැබූ ඇත්ගොව්වා මේ වනවිට මාවනැල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඔහුගේ තත්ත්වය පිළිබඳ මෙතෙක් නිශ්චිත ප්‍රකාශයක් සිදුකළ නොහැකි වන අතර, අභ්‍යන්තර ලේ වහනය වීම හේතුවෙන් මේ වනවිට සැත්කමකට භාජනය කිරීමට නියමිත බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

ආහාර ලබාදීමට යෑමේ දී අලියා එක්වරම පහරදී ඇති අතර තුවාල ලබා ඇත්තේ, අවුරුදු 22ක් වූ ධනුෂ්ක රුවන් කුමාර නැමති මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සමන් විජය බණ්ඩාර
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට