නුවරඑළියේ ගොස් හෙම්මාතගම හරහා නැවත වයික්කාල ප්‍රදේශයේ පිහිටි සිය නිවස බලා යුවලක් ගමන් කරමින් සිටි මෝටර් රථයක් මාවනැල්ල නාන්කූරුගම ප්‍රදේශයේදි අද 22 පස්වරුවේ අනතුරට ලක් ව බරපතල තත්වයේ සිටි කාන්තාව මාවනැල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි මාවනැල්ල පොලිසිය පවසයි.
රියදුරුට නින්ද යෑම නිසා මෝටර් රථය ආරක්ෂිත තාප්පයක ගැටී ඇති බවත් මෝටර් රථයේ වායු බැලුන් ක්‍රියාත්මක විම නිසා රියදුරුට හානියනක් සිදු වි නැතග අනතුරෙන් තුවාල ලබා ඇත්තේ වයික්කාල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි කාන්තාවක් බවද පොලිසිය පවසයි.
අනතුරට පත් මෝටර් රථයට බරපතල හානි සිදුවි ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය පරික්ෂණ පවත්වයිග
මෙම අනතුර වාර්තා කිරීමට ගිය මාවනැල්ල ප්‍රාදේශිය වාර්තාකරුවෙකුට එහි සිටි උප පොලිස් නිලධාරීයෙක් බැන තර්ජනය කරන අතර මීට පෙර අවස්ථාවකදිද මෙම මාධ්‍යවේදියාට රාජකාරී කරන අවස්ථාවේ බැන වැදිමක් සිදු කර බවයි මාවනැල්ල විද්‍යුත් මුදිත මාධ්‍යවේදි ලක්සිරි අලුත්වත්ත මහතා පවසන්නේ.
ඉතා පහත් අන්දමින් බැන වදින ලද පුද්ගලයා මාවනැල්ල පොලිස් ස්ථානයේ උප පොලිස්වරයෙක් බවයි ද සඳහන්.