Sri Lanka
දංකොටුව දිසා රෝහලේ ලක්ෂ 05 කට වැඩි මුදලක් වියදම් කර ආරක්ෂිත දොරටු
2025-09-22 04:20 PM
දංකොටුව දිසා රෝහලට බලවත් අඩුපාඩුවක්ව තිබූ ප්‍රධාන ආරක්ෂිත දොරටු 02 ක් නිෂ්පාදනය කර සවි කර දීමට ඩච් ලංකා පුද්ගලික සමාගම කටයුතු කර ඇත.

මෙම ආරක්ෂිත දොරටු දෙක නිෂ්පාදනය කිරීම සදහා රුපියල්ලක්ෂ 05 කට වැඩි මුදලක් ඩච් ලංකා ආයතනය විසින් වැය කර ඇත.මීට පෙරද දංකොටුව දිසා රෝහලේ වාට්ටු අංක 01 සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමද ඔක්සිජන් සිලින්ඩර ප්‍රවාහනය කිරීම සදහා අවශ්‍ය ට්‍රොලි ලබා දීමද ඩච් ලංකා පුද්ගලික සමාගම විසින් සිදු කර ඇත.

නව දොරටු විවෘත කර රෝහලට බාර දීමේ අවස්ථාවට ඩච් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක සුසන්ත සදරුවන්,ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුමුදු රාජගුරු සහ දංකොටුව දිසා රෝහලේ දිසා වෛද්‍ය නිලධාරී සමන් කුමාර මුනිදාස මහතාද සහභාගි විය.

ජුඩ් සමන්ත

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට