Sri Lanka
බීඩි කොළ තොගයක් ප්‍රවාහනය කර සැකකරුවන් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට
2025-09-22 03:33 PM
බීඩි කොළ තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනෙකුව ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ආණමඩුව මහේස්ත්‍රාත්වරයා නියම කර ඇත.

මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ වයස අවුරුදු 65 ක් සහ 45 ක් වන ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුවය.

ඉකුත් 20 වැනිදා ලොරි රථයකින් බීඩි කොළ කිලෝ ග්‍රෑම් 567 ක් ප්‍රවාහනය කරමින් තිබියදී නවගත්තේගම පොලීසියේ නිලධාරීන් විසින් සැකකරුවන්දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.එම බීඩි කොළ තොගය පොළිතින් මළු 16 ක අසුරා තිබී ඇත. තම බාරයට ගෙන ඇති බීඩි කොළ තොගය රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනා බව පොලීසිය කියයි.

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන විත් ඇති බීඩි කොළ තොගය ගල්ගමුව ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිටින විට පොලිසිය විසින් තම බාරයට ගෙන තිබුණි.

නවගත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉදුනිල් ඒකනායක මහතා ඇතුළු නිලධාරීන් විසින් වැටලීම සිදු කර තිබුණි.

ජුඩ් සමන්ත

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට