අතිධුනික තාක්ෂණය සමග ගොඩනගා ගෙන යන කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රය ලෝකය පුරා අතිශය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර, එය මිනිසුන්ගේ දෛනික ජීවිතයට විශාල ආරම්භයක් ලබා දී තිබේ. එහෙත්, නවීන AI නිර්මාණයන් පිළිබඳව දැඩි විවාදයකට ලක්ව තිබෙන සම්බන්ධයකි – එය ජල සම්පාදන මත ඇති කරන බලපෑම.
ජලය වැයවන්නේ කෙසේද?
AI මොඩල් ගොඩනගා ගැනීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී භාවිත වන විශාල දත්ත මධ්‍යස්ථාන (Data Centers) නිරන්තරයෙන් උෂ්ණත්වය නිපදවයි. මේ තාපය අඩු කිරීමට cooling පද්ධති යොදා ගනිමින් සිටින අතර, බොහෝ විට එය සදහා ශුද්ධ ජලය භාවිත කරන බව ගවේෂණ මගින් හෙළිවී ඇත.
ගවේෂණ අනුව ගණන්
2023 දී නිකුත් වූ විද්‍යාත්මක පරීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ, ChatGPT වැනි AI මොඩල් එකක් එක් පරිශීලනයක් සඳහා පවා කිහිප ග්‍රෑම් ජලය වැයවෙන බවයි.
එසේම, විශාල මොඩල් පුහුණු කිරීමේදී (Training) ලක්ෂ ගණනින් ලිට්ර ජලය cooling පද්ධතිවලට වැයවන බවත් සොයාගැනීමට හැකිවී ඇත.
ලෝක සම්පාදන මත බලපෑම
AI ක්ෂේත්‍රයේ වේගවත් වර්ධනයත් සමග, ජල සම්පාදන සීමිතව පවතින කලාපවල data center ඉදිවීම ජල හිඟ ගැටලුව තවදුරටත් බරපතල කරන බව විශේෂඥයින් අනතුරු අඟවති.
විසඳුම් සොයමින්
මෙයට පිළියමක් ලෙස, තාක්ෂණික සමාගම් කිහිපයක් දැනටමත් අඩු ජල පරිභෝජන cooling systems ( උදා: Air Cooling, Renewable Cooling ) සොයා බලමින් සිටිති. එසේම, ජලය නැවත භාවිත කළ හැකි පද්ධති සම්බන්ධයෙන්ද පර්යේෂණ ආරම්භ කර තිබේ.