Sri Lanka
20 වැනිදා අළුත් වැඩියා කටයුත්තක් සදහා මයික්කුලම දුම්රිය හරස් මාර්ගය වසයි
86 | 2025-09-16 01:01 PM
මයික්කුලම දුම්රිය හරස් මාර්ගය  ලබන 20 වැනිදා පෙරවරු 7.00 සිට 21 වැනිදාපෙරවරු 8.00 දක්වා සම්පූර්ණයෙන්ම වසා දමන බව මාදම්පේ ස්ථීර දුම්රිය පරීක්ෂකවරයා සදහන් කරයි.

මයික්කුලම දුම්රිය හරස් මාර්ගයේ රේල් පීලි වසර කීපයකින්ප්‍රතිසංස්කරණ කර තිබී නැත.එම හේතුව නිසා මෙම දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ ස්ථාන කීපයකින්ම රේල් පීලි පුපුරා ඇති බවටද දුම්රිය සේවකයින් නිරීක්ෂණය කර ඇත.දුම්රිය හරස් මාර්ගය වසා දමන්නේ එම ප්‍රතිසංස්කරන කටයුතු සදහා බවද මාදම්පේ ස්ථීර දුම්රිය මාර්ග පරීක්ෂකවරයා සදහන් කරයි.

ඒ අනුව 20 වැනිදා පෙරවරු 7.00 සිට 21 වැනිදා පෙරවරු 8.00 දක්වා හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගය භාවිතා කරන වාහන විකල්ප මාර්ග භාවිතා කළ යුතු බව පොලීසිය සදහන් කරයි.

එමෙන්ම 20 වැනිදා පෙරවරු 7.00 සිට 21 වැනිදා පෙරවරු 8.00 දක්වා මාදම්පේ - පුත්තලම අතර දුම්රිය ධාවනයද අත්හිටුවීමට නියමිතව ඇත.ඒ අනුව කොළඹ සිට මාදම්පේ දක්වා පමණක් සහ පුත්තලමේ සිට හලාවත දක්වා පමණක් එම කාලය තුළ දුම්රිය ධාවනය සිදු කිරීමට නියමිතය.

ජුඩ් සමන්ත



ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්