Sri Lanka
හිස් වැසුම් නැතිය යතුරු පැදියේ යන පාසල් දරුවන්ට හිස් වැසුම්
2025-09-16 12:56 PM
ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව යතුරු පැදි වලින් තම දරුවන්ව පාසල් වෙත කැදවා ගෙන යන දරුවන් සදහා ආරක්ෂිත හිස් වැසුම් ලබා දීමේ වැඩ සටහනක් 16 වැනිදා හලාවත නගරය තුළ ක්‍රියාත්මක විය.

හලාවත නගරයේ තෝරා ගත් ප්‍රධාන පාසල් 04 ක් ආශ්‍රිතව මෙම වැඩ සටහන ක්‍රියාත්මක විය.

ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව යතුරු පැදියෙන් තම දරුවන්ව පාසල වෙත කැදවාගෙන පැමිණි මව්පියන්ට දැඩි ලෙස අවවාද කිරීමටත් රථ වාහන පොලිස්නිලධාරීන් මෙහිදී කටයුතු කරන ලදි.අනතුරුව එම දරුවන් සදහා ආරක්ෂිත හිස් වැසුම් ලබා දීම සදහා වන වව්චර් පත් බෙදා දීමද සිදු කරන ලදි.

දඩ කොළයක් වෙනුවට ආරක්ෂිත හිස් වැසුමක් ලබා ගැනීම සදහා වව්චර් පතක් නිකුත් කරන්නේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බවද රථ වාහන පොලිස්නි ලධාරීන් මෙහිදී දෙමව්පියන්ට පහදා දෙන ලදි.

පාසල් දරුවන්ට ආරක්ෂිත හිස් වැසුම් ලබා දීමේ මෙම වැඩ සටහනට පුද්ගලික රක්ෂින ආයතනයක් විසින් අනුග්‍රහය ලබා දී තිබුණි.

ජුඩ් සමන්ත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට