Sri Lanka
සූර් වෙන්න ගහලා රාජකාරි කරපු පොලිස් සැරයන් අත්අඩංගුවට
52 | 2025-09-16 12:35 PM
මත් පැන් පානය කර රාජකාරි කරමින් සිටි පොලිස් සැරයන් වරයෙකුව ආණමඩුව පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 15 වැනිදා සවස ආණමඩුව - පුත්තලම මාර්ගයේ තෝණිගල ප්‍රදේශයේ පවත්වා ගෙන යන පොලිස් මුර පොලේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

ආණමඩුව පොලීසිය විසින් ආණමඩුව - පුත්තලම මාර්ගයේ තෝණිගල මංසන්ධියට ආසන්නයෙන් පවත්වා ගෙන යන පොලිස් මුර පොල ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් 15 වැනිදා සවස හදිසි පරීක්ෂාවකට ලක් කර ඇත.එම පොලිස් මුර පොලේ සේවය කරමින්සිටි පොලිස් සැරයන්වරයා මත්පැන් පානය කර සිටින බවට පොලිස් ස්ථානාධිපතිවරයා විසින්එහිදී නිරීක්ෂණය කර ඇත.

අනතුරුව පොලිස් සැරයන්වරයාව අත්අඩංගුවට ගෙන ඇති ස්ථානාධිපතිවරයා ඔහුව ආණමඩුව දිසා රෝහලේ කාර්ය බාර වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.පොලිස් සැරයන්වරයා මත්පැන් පානය කර ඇති බවද එම පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

සැකකාර පොලිස් සැරයක්වරයා ආණමඩුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


ජුඩ් සමන්ත හලාවත

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්