අඩු පහසුකම් ඇති පාසලක දරුවන් තිදෙනෙක් මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වි ඇති අතර තවත් මෙහි විශේෂත්වයක් වන්නේ ශිෂ්‍යත්වයට පෙනී සිටි ඉතිරි දරුවන් 25 දෙනාද අවම ලකුණු සීමාවෙන් ඉහළ ලකුණු ලබා ගැනීම නිසා ඔවුන් ද ඇගයීම වෙනුවෙන් උත්සවයක් පාසල සහ දෙමාපියන් එක්ව සංවිධානය කර තිබිණි.
මෙම පාසල වන්නේ කෑ/මාව/කෙහෙල්පන්නල කනිෂ්ඨ විදයාලයයි. පාසල පිහිටා ඇත්තේ මාවනැල්ල අධ්‍යාපන කලාපයේ හෙම්මාතගම නගරයේ සිට කිලෝමිටර් 2 ක පමණ දුරකිනි. මෙම පාසල 1924 නොවැම්බර් 17 වැනි දින ගුරුවරුන් දෙදෙනෙකුගෙන් සහ සිසුන් 106 දෙනෙකුගෙන් පොල් අතු සහ පිදුරු සෙවිලි කළ ගොඩනැගිල්ලක ආරම්භ කර ඇති අතර මෙම පාසල පසුගිය දිනක සිය වැනි සංවත්සරයද සමරනු ලැබුණු එම ඉතිහාසයේ පාසලේ විවිධ ජයග්‍රහණ රැසක් ලබා ඇති අතර පාසල මගින් ඉගෙන ගත් බොහෝ දෙනෙකු රටේ විවිධ උසස් රැකියාවල ද නිරත වෙයි. මේ වන විට පාසලේ 1 වසරේ සිට 11 දක්වා පන්ති පැවැත්වේ.
මෙවර ශිෂ්‍යත්වයෙන් සමත් දරුවන් තිදෙනා සමගින් පාසලේ ආසන්න වසර 5 තුලදි දරුවන් 8 දෙනෙකු ශිෂ්‍යත්වය විභාගය සමත් වි ඇත. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 157 ක් ලබා ගෙන සමත් වුයේ ජේ.ඩී. සචිත් සාරංග දිසානායක වන අතර ඔහු පාසලට ආසන්න ගම්මානයේ බලවත්ගමුව ප්‍රදේශයේය. ලකුණු 148 ක් ලබා ගෙන ඇත්තේ ටි.ඩී. දිනුලි සෙහන්සා අභිලාෂිනි කුමාරි එම සිසුවියක් එම ගම්මානයේ වන අතර ලකුණු 143 ක් ලබා විභාගය සමත් වි ඇත්තේ එච්.එම්. ඔමායා සදෙව්මි බණ්ඩාර වන අතර එම සිසුවිය කෙහෙල්පන්නල ගම්මානයේය.
ලෝක ප්‍රසිද්ධ අම්බුළුවාවට පහල කොටසේ කදුකර පාදමේ පිහිටා ඇති මෙම පාසලේ මුල්ම විදුහල්පතිවරයා වන්නේ ජේමිස් සිඤ්ඤෝ මහතාය මේ දක්වා විදුහල්පතිවරු 14 දෙනෙකු සේවය කර ඇති අතර වර්තමාන විදුහල්පතිවරයා වන්නේ වි.ජී. නිශ්ශංක මහතාය. මේ වන විට ගුරුවරුන් 18 දෙනෙකු සේවය කරන අතර සිසුන් 200 කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය හදාරයි.
නගරබද පාසල් වලට සහ වෙනත් ප්‍රදේශවලට මෙම ප්‍රදේශවල දරුවන්ද අධ්‍යාපනය සඳහා පිටත්ව යන කාලයක සාමන්‍ය රැකියාවල නිරත වන සහ වැඩි පිරිසක් විවිධ ගොවිතැන් වලින් යැපෙන මෙම ප්‍රදේශයේ පවුල් වල දරුවන් මෙම පාසලේ අධ්‍යාපනට තවමත් යොමු වි ඇත.
එමෙන්ම පසුගිය වසරේ පාසලේ බටහිර තුර්ය වාදක කණ්ඩායමක් ද නිර්මාණය කරගෙන ඇත. තවමත් එම කණ්ඩායමට අවශ්‍ය සංගීත භාණ්ඩද හිගයක් ඇති අතර බොහෝ අග හිග කම් තිබුණත් පාසලේ විවිධ ක්ෂත්‍ර වල දක්ෂතා ඇති දරුවන් රැසකි. ගුරුවන්ද විශාල කැපවිමකින් දරුවන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යන ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකි.
මෙම දරුවන් තිදෙනා ඇගයීම වෙනුවෙන් පාසල විසින් පාසලට පැමිණෙන ප්‍රධාන මාර්ගයේ සිට කැබ් රථයක නංවාගෙන පාසලේ තූර්ය වාදක කණ්ඩායම සහ ආරාධිතයන් කැටුව කැඳවාගෙන විත් උපහාර දක්වන ලද අතර ප්‍රාථිකමික ශිෂ්‍ය නායක නායිකාවන් වෙනුවෙන් නිල ලාංජන පැලදීමද සිදු කරන්නට විය.
සටහන සහ ජායාරූප සමන් විජය බණ්ඩාර