Sri Lanka
මිය ගිය අලියා පැටියෙක්
2025-09-15 05:11 PM
කරුවලගස්වැව - නෙළිවැව ගම්මානයේ වැව් ඉස්සමත්ක තිබී මිය ගිය වන අලි පැටවෙකුගේ සිරුරක් ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන වන ජීවී නිලධාරීන්ට බාර දීමට කටයුතු කර ඇත.

අඩි 03 ක් පමණ උස මිය ගොස් ඇති වන අලි පැටවාට වයස අවුරුදු 05 ක් පමණ විය හැකි බවට අනුමාන කරන්නේ යැයි වන ජීවී නිලධාරීන් කියයි.
සිය රංචුව සමග ජලය සොයා පැමිණි විට සිදුවී ඇති වෙඩි තැබීමකින් හෝ වස ශරීර ගත වීමකින් මරණය සිදු වන්නට ඇති බවට විශ්වාස කරන බවද වන ජීවී නිලධාරීන් සදහන් කරයි.මිය ගොස් ඇති වන අලි පැටවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

කරුවගලස්වැව වන ජීවී කාර්යාලයේ නිලධාරීන් වැඩිදුර විමර්ශණ කරගෙන යයි.


ජුඩ් සමන්ත



💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට