Sri Lanka
පාසල් බස් රථ පරීක්ෂාව මාදම්පේ සහ ආරච්චිකට්ටුව
2025-09-15 04:15 PM
හලාවත,මාදම්පේ සහ ආරච්චිකට්ටුව ප්‍රදේශ වල පාසල් සිසු සිසුවියන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ පරීක්ෂා කිරීමේ වැඩ සටහනක් 15 වැනිදා සිදු

එම ප්‍රදේශ වල පාසල් සිසු සිසුවියන් ප්‍රවාහනය සදහා යොදා ගෙන තිබූ බස් සහ වෑන් රථ 46 ක් මාදම්පේ - මැදගම අභය ආදර්ශ මහා විද්‍යාලීය ක්‍රිඩාංගනය වෙත කැදවා පුත්තලම මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරීක්ෂා කරන ලදි.

මෙහිදී අත් තිරිංග නිසි පරිදි ක්‍රියාත්මක නොවීම,අධික කළු දුම පිට කිරීම,ආසන තුළ වැරදි උපංගා සවි කර තිබීම, හදිසි දොරටුව ක්‍රියාත්මක නොවීම,අනවශ්‍ය පහන් සවි කර තිබීම සහ ශිෂ්ඨ රූප ප්‍රදර්ශණය කර තිබූ වාහන සම්බන්ධයෙන් වැඩි අවධානයක් මෝටර් රථ වාහන පරීක්ෂක තැන විසින් යොමු කරන ලදි. එසේ හදුනා ගත් වැරදි දින 07 ක් තුළ නිවැරදි කර පෙන්වීමටද රථ වාහන පරීක්ෂකවරයා වාහන රියදුරන්ට නියම කරන ලදි.

එමෙන්ම විවිධ රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 20 දෙනෙකුට ක්ෂණික දඩ නියම කිරීමටද පොලිස් නිලධාරීන් කටයුතු කර තිබුණි.

හලාවත ජේෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා මහතාගේ උපදෙස්මත ක්‍රියාත්මක වූ මෙම වැඩ සටහනට පුත්තලම ජේෂ්ඨ රථ වාහන පරීක්ෂක කපිල බෝගහපිටිය මහතා සහ මාදම්පේ පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රෙජිනෝල්ඩ් මහතා ඇතළු නිලධාරීන් එක්ව සිටියේය.


ජුඩ් සමන්ත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට