Sri Lanka
පුනරුදයේ පුරවරය පළාත් පාලන සතිය අද සිට
100 | 2025-09-15 09:21 AM
පුනරුදයේ පුරවරයක් බිහිකිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වන පළාත් පාලන සතිය අද සිට (15) ආරම්භ වේ.

ඒ අනුව අද සිට එළැඹෙන 21 වනදා දක්වා මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර ඇත.

මෙම සතිය තුළින් ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන සහ ජීවත් වීමේ වටපිටාව සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම අනාගත දැක්ම සුරක්ෂිත කෙරෙන පුරවරයක් බිහි කිරීම අරමුණ වන බව පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී.රුවන් සෙනරත් මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කළ පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී.රුවන් සෙනරත් මහතා.

"පුනරුදයේ පුරවර කියන ප්‍රධාන තේමාව අරගෙන අපි පළාත් පාලන සතිය ආරම්භ කරනවා. විශේෂයෙන් ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන, ජීවත්වීමේ වටපිටාව සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කරමින් අනාගත දැක්ම සුරක්ෂිත කෙරෙන පුනරුදයේ පුරවරයක් බිහි කිරීම උදෙසා රාජ්‍ය පරිපාල සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් මෙහෙයවන අඛණ්ඩ වැඩසටහනක් සඳහා අත්වැල් බැඳගන්නා ලෙස සියලු පළාත් පාලන ආයතන වෙත අපි හඳුන්වා දී තිබෙනවා."

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්