හැමිල්ටන් ඇල කාලයකින් පිළිසකර නොකිරීම නිසා ඉව්රු බිදී යාම සහ ජල දොරටු කැඩී තිබීම නිසා තම කුඹුරු යාය අස්වැද්දීම ගැටළුවක් වී ඇති බව මහවැව - ඉහළ කුඩාවැව ගොවි සංවිධානයේ ගොවීන් සදහන් කරයි.
ඉහළ කුඩාවැව ප්‍රදේශයේ ඇති අක්කර 300 ක් පමණ වන වෙල් යාය අස්වැද්දීම සිදු කරණු ලබන්නේ කඩුපිටිඔයෙන් ලබා ගන්නා ජලයෙනි. කුඩාවැව වෙල් යාය වගා කිරීමෙන් පසුව ඉවත් කරන වෙල් පහු ජලය මෙන්ම වැසි කාලයේදී පිටාර ගලන කඩුපිටි ඔයේ වැඩි ජලයද ගලා බසින්නේ හැමිල්ටන් ඇලට යන මුත් හැමිල්ටන් ඇලේ ඇල ඉව්ර මෙන්ම ජල පාලන දොරටු බිදී යාම නිසා තම කුඹුරු වගා කිරීම ගැටළුවක් බව හැමිල්ටන් ඇල කාලයකින් පිළිසකර නොකිරීම නිසා ඉව්රු බිදී යාම සහ ජල දොරටු කැඩී තිබීම නිසා තම කුඹුරු යාය අස්වැද්දීම ගැටළුවක් වී ඇති බව මහවැව - ඉහළ කුඩාවැව ගොවි සංවිධානයේ ගොවීන් සදහන් කරයි.
ඉහළ කුඩාවැව ප්‍රදේශයේ ඇති අක්කර 300 ක් පමණ වන වෙල් යාය අස්වැද්දීම සිදු කරණු ලබන්නේ කඩුපිටිඔයෙන් ලබා ගන්නා ජලයෙනි. කුඩාවැව වෙල් යාය වගා කිරීමෙන් පසුව ඉවත් කරන වෙල් පහු ජලය මෙන්ම වැසි කාලයේදී පිටාර ගලන කඩුපිටි ඔයේ වැඩි ජලයද ගලා බසින්නේ හැමිල්ටන් ඇලට යන මුත් හැමිල්ටන් ඇලේ ඇල ඉව්ර මෙන්ම ජල පාලන දොරටු බිදී යාම නිසා තම කුඹුරු වගා කිරීම ගැටළුවක් බව කුඩාවැව ප්‍රදේශයේ ගොවීන් සදහන් කරයි.
ඉහළ කුඩාවැව එකමුතු ගොවි සංවිධානයේ සභාපති ඒ.පියල් මහතා පවතින තත්ත්වය පිළිබදව මෙසේ පැවසීය.
අපේ වෙල් යාය වගා කරන්න ජලය ලබා ගන්නේ කඩුපිටි ඔයෙන් ලබා ගන්නා ජලය කුඹුරු වගා කිරීමෙන් අනතුරුව මුදා හරින්නේ හැමිල්ටන්ඇලට ඒ වග තමයි කඩුපිටි ඔයේ වැඩි ජලය වැසිකාලයේදී ඇල මාර්ග දිගේ ගලා බසින්නෙත් හැමිල්ටන්ඇලට නමුත් කාලයකින් හැමිල්ටන් ඇල පිරිසිදු කරලා නෑ ඒ් නිසා හැමිල්ටන්ඇලේ ඉව්ර ස්ථාන කීපයකින්ම බිදී ගිහිං ජල දොරවල් කැඩී බිදී ගොස් තිබෙන්නේ ගමෙම තත්ත්වය නිසා අපේ වෙල් යාය තුළ කිසිදු ආකාරයක ජල පාලනයක් නෑ ජලය රැස් කර තබා ගන්න හෝ වැඩි ජලය පිට කරන්න අපිට ක්‍රමයක් නොමැතිකම ලොකු ගැටළුවක් වෙලා තියෙන්නේ ගමේ අපි දන්නා කියන අයට අවස්ථා ගනනාවකදීම කිව්වා .ඒත් පළක් වෙලා නෑ අඩුම තරමින් නිලධාරී ඇවිත් ඉදිරියේදී හෝ පිළියමක් යෙදීම සදහා සොයා බැලීමක්වත් කරන්නෙ නෑ පවතින තත්ත්වය නිසා කුඩාවැව වෙල් යාය අස්වද්දන ගොවීන් දැඩි අසීරුතාවයකට පත්වෙලයි ඉන්නේ
මෙතන තියන තවත් ගැටළුවක් තමයි හැමිල්ටන් ඇල දිගේ එන ලුණ ජල කුඹුරු වලට එකතුවීම ඉස්සර නම් තොඩුවාව මෝය ස්වාභාවික වැලි පරයකින්වැහෙනවා ඒ්නිසා තොඩුවාව මෝයෙන් නියං කාලයට ලුණු ජලය ඉහළට ගලා යාමක් සිදු වන්නේ නෑ නමුත් මෝය කටේ තිබුණු ස්වාභාවික වැලි පරය මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙන්නේ ඒ නිසා කාලයක් වේලාවක් නැතිව තොඩුවාව මෝය කටෙන් ලුණු ජලය ඉහළට ගලා ගෙන එනවා ඒ ලුණු ජලය හැමිල්ටන් ඇල දිගේ ඉහළට ගලා ගෙන විත් ඉව්රු බිදී ඇති ස්ථාන වලින් අපේ කුඹුරු යායට එකතු වෙනවා මෙම තත්ත්වය නිසා මේ වන විට කුඩාවැව කුඹුරු යායෙන් කොටසකට දැඩි හානියක් සිදු වෙන්න පටන් අරගෙන තියෙන්නේ මේ සියළුම හානි වලට එකම විසදුම වෙන්නේ හැමිල්ටන් ඇලේ කැඩී ගිය ඉව්රු සහ ජල දොරටු පිළිසකර කර යථා තත්ත්වයට පත්කිරීමයි අපි කියන්නේ අන්න ඒ දේ කරලා දෙන්න කියන එකයි.
සොයිසා මහතා කුඩාවැව වෙල් යාය අස්වද්දන පැරණි ගොවියෙකි ඒ් මහතා මෙසේ කියා සිටියේය.
මම දන්න කාලයේ ඉදලම කරන්නේ ගොවිතැන හැමිල්ටන් ඇල මේ වන විට විනාශ වෙලාම ගිහිං ඒ නිසා තමයි අපිට ගොවිතැන් කර ගන්න බැරිව ගිහිං තියෙන්නේ පසුගිය කන්නයේදී ඇතැම් ගොවීන් අවස්ථා දෙක - තුන කුඹුරු වැපුරුවා ඇයි වැඩි ජලය බැස යවන්නට හැකියාවක් නැති නිසා ඒකට ප්‍රධානතම හේතුව වෙන්නෙ මෙ දොරවල් පිළිසරක නොකිරීම සහ හැමිල්ටන් ඇලේ ඉව්ර කැඩී ගොස් තිබීමයි ඇත්තටම කරන්න තියෙන්නේ ඉතාමත්ම සුළු දෙයක්අපිට තියන ගැටළුව තමයි ඇයි ගොවියා කියන දේ නිලධාරීන් අහන්නෙ නැත්තේ කියන ඒකයි
පවතින තත්ත්වය පිළිබදව රෝහණ දිසානායක මහතා කියා සිටියේය.
හැමිල්ටන් ඇල මේ වන විට සම්පූර්ණයෙන්ම ගොඩ වෙලා තියෙන්නේ කිසිදු ගැටළුවකින් තොරව හැමිල්ටන් ඇල දිගේ ඇවිදගෙන යන්න පුළුවන්ය කමක් තියෙනවා ඒ නිසා කිසිදු ජල පාලනයක් නෑ. වැසි කාලයේදි හැමිල්ටන් ඇලට එකතු වෙල ජලය කුඹුරු වලටම ගලා ගෙන යනවා බලන්න මේ හැමිල්ටන් ඇල අවට තත්ත්වය හැම තැනම විවිධ අපද්‍රව්‍ය දාලා ගිහිං තියනවා මේ අපද්‍රව්‍ය වැසි කාලයේදී අපේ කුඹුරු වලට එකතුවෙනවා ඇතැම් අපද්‍රව්‍ය වල බැර ලෝහ මෙන්ම විවිධ විනාශකාරී දේවල් තියන්න පුළුවන්ඒ් දේවල් අපි නොදැණුවත්වම කුඹුරු වලට ඇවිත් මිනිස් සිරුරට ඇතුළු වෙන්න පුළුවන් හැමිල්ටන් ඇල පිරිසිදු කරලා කැඩිලා තියන ඇල ඉව්රු හදලා දුන්නොත් මම විශ්වාස කරන ආකාරයට කිසිම කෙනෙක් නැවතත් අප ද්‍රව්‍ය ගෙනවිත් දාන එකක් නෑ. කැලෑ වැවිලා තියන කොට ඔය වාගේ අපද්‍රව්‍ය ගෙනවිත් දානවා අපිට ඒක පාලනය කරන්න හැකියාවක් නෑ .
හැමිල්ටන් ඇලේ වත්මන් තත්ත්වය ගැන අවස්ථාකීපයකදීම මහවැව ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදීත් කථා කරලා තියනවා නමුත් කථාව විතරයි වැඩක් නම් වෙලත් නෑ වැඩක් වෙනවා කියලා හිතන්නවත් බෑ.
ඔය ආකාරයට අපට හමුවූ ගොවීන් සියළුමදෙනා කියා සිටියේ හැමිල්ටන් ඇලේ ඉව්රු බිදී යාමත් ජල දොරවල් කැඩී තිබීමත් නිසා සිදුවීඇති අලකලංචියය.
බලධාරීන් දැන්වත් දෑස් ඇර කුඩාවැව ගොවීන්ගේ අදෝනාව ගැන සොයා බලන ලෙස අපිද අවධාරණය කරමු මන්ද මේ ගොවීන් ඉල්ලා සිටින්නේ රටට බත සපයන ගමන් තම දරු පවුල රැක ගන්නට ඇති එකම මාර්ගය පිළිසකර කර දෙන ලෙසය සත්‍ය ලෙසම මේ කටයුත්ත නම් කඩිනමින් කළ යුතුව ඇත මන්ද ඒසේ නොවුනහොත් ඔවුනගේ හෙට දිනය අවිනිශ්චිත වන නිසාය.
ජුඩ් සමන්ත