තමා නිසා ගැබිණියක් වූ බාල වයස්කාර පෙම්වතියට ගබ්සා වීම සදහා කිසියම් ඖෂධ වර්ගයක් ගෙනවිත් පානය කිරීමට දුන් බව කියන සැකකරුවෙකුව හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත - වැල්ල පදිංචි 20 හැවිරිදි තරුණයෙකුවය. රෝගී තත්ත්යක් හේතුවෙන් ප්‍රතිකාර සදහා වයස අවුරුදු 15 යි මාස 02 ක් වන බාලවයස්කාර දැරිවියක්ව හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත. එම දැරිවිය කිසියම්ඖෂධ වර්ගයක් භාවිතා කිරීම හේතුවෙන් ගබ්සාවකට ලක්ව සිටින බව ඇයව පරීක්ෂා කර ඇති වෛද්‍යවරුන් නිගමනය කර ඇත.පසුව රෝහල් පොලීසිය විසින් මේ බව හලාවත පොලීසියට දැණුම් දීමට කටයුතු කර ඇත.
තම මව වසර 03 ක කාලයක සිට විදේශ ගත වී සිටින බවත්,පියා හැර යාමෙන් අනතුරුව මිත්තණිය සහ සහෝදරියක් සමග ජීවත් වූ බවද රෝහල් ගත කර සිටින දැරිවිය පොලීසියට පවසා ඇත.තමන් තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය බවත්,අවස්ථාව ලැබුණු විට ඔහු සමග අඹු - සැමියන් ලෙස සිටි බවද ඇය පවසා ඇත.පසුගිය දින වල තම සිරුරේ ඇතිවූ වෙනස්කම සම්බන්ධයෙන් පෙම්වතාට පැවසූ විට ඔහු කිසියම් පෙති වර්ගයක් පානය කිරීමට ගෙනවිත් දුන් බවද රෝහල් ගත කර සිටින දැරිවිය පවසා ඇත. එම පෙති පානය කිරීමෙන් අනතුරුව රෝගී වූ තමන්ව ප්‍රතිකාර සදහා පවුලේ අය විසින් රෝහල් ගත කළ බවද ඇය පොලීසිය හමුවේ පවසා ඇත.
බාලවයස්කාර දැරිවියක් දුෂණය කිරීම සහ නීති විරෝධී ලෙස දරු ගැබක් විනාශ කිරීමට කටයුතු කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
හලාවත පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය වැඩිදුර විමර්ශණ කරගෙන යයි. 
ජුඩ් සමන්ත