විදෙස් රටවල් වල සේවය කරන ශ්‍රී ලාංකිකයින් විසින් 2025 වසරේ ගෙවී ගිය මාස 08 ක කාලය තුළ ඩොලර් බිලියන 5.11 ක ප්‍රේෂණ මෙරටට එවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.
2025 වසරේ ගෙවී ගිය මාස 08 ක කාලය තුළ විදෙස් රැකියාවන්සදහා ශ්‍රී ලාංකිකයින් 2,12,302 කු රැකියාවන් සදහා විදෙස් ගතවී ඇත.ඒ අතරින් 82,050 දෙනෙකු කාන්තාවන් වීම විශේෂත්වයකි.
රැකියාවන් සදහා ශ්‍රී ලාංකිකයින් වැඩි දෙනෙකු පිටත්ව ගොස් ඇත්තේ ක්වේට් රාජ්‍යයටය.එම ප්‍රමාණය 53,159 දෙනෙකි.එක්සත් අරාබි එමීර් රාජ්‍යයට 49,180 දෙනෙකුද,කටාර් රාජ්‍ය සදහා 30,263 දෙනෙකුද පිටත්ව ගොස් ඇත. ඊට අමතරව ජපානයට ශ්‍රමිකයින් 8,015 කුද,දකුණු කොරියාව සදහා 4,324 දෙනෙකුද පිටත්ව ගොස් ඇත.
ඒ අනුව විදේශ ගත මෙරට ශ්‍රමිකයින් විසින් 2025 වසරේ ගෙවී ගිය මාස 08 ක කාලය තුළ ඩොලර් බිලියන 5.11ක ප්‍රේෂණ මෙරටට එවා ඇත.2024 වසරේ මෙම කාලය තුළ විදෙස් ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇත්තේ ඩොලර් බිලියන 4.28 ක් වන ප්‍රේෂණ ප්‍රමාණයක් පමණි.ඒ අනුව 2024 වසරේ පළමු මාස 08 හා 2025 වසරේ එම කාලය සසදා බලන විට මෙරටට විදෙස් ප්‍රේෂණ ලැබීම් 19.30% කින් ඉහළ ගොස් ඇත.2025 වසරේ අගෝස්තු මාසයේදී පමණක් විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් විසින් ඩොලර් මිලියන 680.80 ක ප්‍රමාණයක් මෙරටට එවා ඇති බවත්,මෙම වසර අවසාන විට විට ඩොලර් බිලියන 7 ක් විදෙස් ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවනු ඇතැයි අපේක්ෂා කරන බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.