Sri Lanka
Iphone 17 මාදිලියන් එළිදක්වයි
23 | 2025-09-10 08:33 AM
ලොව පුරා බොහෝ දෙනෙක් බලා සිටි නවතම Iphone 17 මාදිලියන් ඊයේ 09 නිල වශෙයෙන් හදුන්වා දෙනු ලැබුවා.

ඒ Apple තම "Awe-Dropping" උළෙලේදී.

ඒ අනුව iPhone 17, iPhone 17 Pro, iPhone 17 Pro Max සහ පළමු වතාවට හඳුන්වාදෙන iPhone 17 Air ලෙස මාදිලියන් 4ක් වෙළඳ පොළට නිකුත් වනු ඇති.

iPhone 17 Air ඔවුන් හඳුන්වන්නේ දැනට නිකුත් කර ඇති සිහින්ම iPhone මාදිලිය ලෙසටයි.මෙහි ඝනකම මිලිමීටර් 5.6ක් වේ.

මෙම දුරකථනව වල විශේෂත්වය නම් Pro සහ Pro Max මොඩල්වලට නව "කැමරා බාර්" සැලැස්මක් හඳුන්වා දී ඇති අතර, A19 Pro chip, සහ vapor chamber cooling system එකක් යොදා ඇත.තවද මෙගාපික්සල් 24 ක ඉදිරි කැමරාවක් සහ මෙගාපික්සල් 48ක පසුපස කැමරා පද්ධතියකින්ද සමන්විතයි.

Pro Max සඳහා periscope telephoto lens එකක්ද ඇතුලත්ව ඇති අතර 8K දක්වා වීඩියෝ පටිගත කිරීමේ හැකියාව තිබෙනවා.Pro model සඳහා ඉදිරිපස හා පිටපස කැමරාවෙන් එකට සමාන්තරව වීඩියෝ ගත කිරිමේ හැකියාද ලබා දී ඇති අතර Pro Max මොඩලය සඳහා 5000mAh බැටරියක් සහිතව දිගු කාලීන භාවිතයට පහසු ලෙස සකසා තිබෙනවා.

සැප්තැම්බර් 12 වනදා සිට මෙම දුරකථනය ඇනවුම් කිරිමේ හැකියාව පාරිභොගිකයන්ට සලස්වා දී ඇති අතර මෙහි ආරම්භ මිල ලෙස iPhone 17 ඩොලර් 799, iPhone 17 Air ඩොලර් 949, iPhone 17 Pro ඩොලර් 1,049 සහ iPhone 17 Pro Max ඩොලර් 1,249. අලෙවි කිරීමට නියමිතයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර