Sri Lanka
තවත් තරඟාවලි ජයක් සොයා ශ්‍රී ලංකාව අද පිටියට
2025-09-06 08:58 AM
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවාග හරාරේ ක්‍රීඩාංගණයේදී

තරඟය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 05ටයි දෙරට අතර පැවති පළමු තරඟයෙන් ශ්‍රී ලංකාව කඩුලු 04ක විශිෂ්ට ජයක් වාර්තා කළා. ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම තරඟයද ජයගත හැකි වුවහොත් දෙරට අතර පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ ජයග්‍රහණය ලබාගත හැකි වනවා.

එසේ වුවහොත් සිම්බාබ්වේහීදී පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියක් ශ්‍රී ලංකාව විසින් ජයගනු ලබන පළමු අවස්ථාව මෙය වනු ඇතිග අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කමක් සිදු වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ක්‍රීඩා විචාරකයින් මත පළ කරනවා ඒ අනුව අංක තුනේ ස්ථානයේ ක්‍රීඩා කරන කුසල් ජනිත් පෙරේරා වෙනුවට කමිල් මිෂාර කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇති බවටයි වාර්තා වන්නේග කුසල් ජනිත් පෙරේරාට ඔහු සහභාගී වූ අවසන් පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 04දීම සාර්ථක වීමට හැකියාවක් ලැබුණේ නැහැ.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට