Sri Lanka
සෝලියස් මෙන්දිස් මහතාගේ 50 වන ගුණ සමරුම
68 | 2025-09-05 08:22 AM
සෝලියස් මෙන්දිස් මැතිතුමා සිත්තරෙකු නොවී වෛද්‍යවරයෙකු වූ වා නම් ස්ථීර වශයෙන්ම මෙරට සිටින දෘෂ්‍යාබාධිතයින්ගේ දෑස් සුවපත් කරන බව නිසැක යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී :දෘෂ්‍යාබාධිත* සුගත් වසන්ත සිල්වා මහතා පැවසීය.
සෝලියස් මෙන්දිස් මහතාගේ 50 වන ගුණ සමරුම වෙනුවෙන් මහවැව ශ්‍රී ධර්මරාජ මහා විද්‍යාලයේදී පැවැත්වුණි. සෝලියස් මෙන්දිස් මහතා වෙනුවෙන් විශේෂ සමරු වැඩ සටහනක් මෙන්ම චිත්‍ර ප්‍රදර්ශණයක්ද මෙහිදී පවත්වන ලදි. එම ප්‍රදර්ශණය සදහා සෝලියස් මෙන්දිස් මහතා විසින් ආරම්භ කරන ලද මහවැව සිවිරාජ ළමා නිවාසයේ දරු දැරියන්ගේ නිර්මාණද ඇතුළත් කර තිබීම විශේෂත්වයක් විය.
සෝලියස් මෙන්දිස් මහතා 1896 ජුනි මස 17 වැනි දින මහවැව මෙලොව එළිය දැක ඇතගමහවැව ප්‍රදේශයේ තිබූ තම නිවස පිහිටි අක්කර හතරකින් යුත් භූමියේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සදහා පාසලක් හා ළමා නිවාසයක් ඉදිකරන්නට එතුමන් කටයුතු කර ඇත එම පාසල ලංකාවේ ප්‍රථම විශේෂ අවශ්‍යතාවයන් සහිත දරුවන් සදහා වන පාසල වශයෙන් 1958 වර්ෂයේ ජූලි 17 වෙනි දින සිසු අයිතියට පත් කර ඇත. කැළණිය මහා විහාරය ඇතුළු දිවයින පුරා පිහිටි විහාරස්ථාන රැසක චිත්‍ර ඇදීමද සෝලියස් මෙන්දිස් මහතා සිදු කර ඇත. ඉන්දියාවට ගොස් විශේෂ දැණුමක්ද ලබා ගෙන මෙරටට පැමිණ ඇති මැන්දිස් මහතා කැළණිය විහාරයේ චිත්‍ර ඇදීමට පමණක් වසර 18 ක් ගෙවා ඇති බවද කියවේ.
චිත්‍ර ශිල්පියකු මෙන්ම සමාජ මෙහෙවරක් කළ සෝලියස් මෙන්දිස් මහතා 1975 සැප්තැම්බර් පළවෙනි දින අප අතරින් සමුගත්තේය සිසුන් හතර දෙනෙකුගෙන් ආරම්භ කළ මහවැව සිවිරාජ විශේෂ පාසලේ වර්තමානය වන විට සිසු සිසුවියන් සංඛ්‍යාව 65 කු නේවාසිකව අධ්‍යාපන කටයුතු සිදු කරති.
මෙම ගුණානුස්මරණ උත්සවයේදී වැඩිදුරටත් කථා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත සිල්වා මහතා මෙසේද පැවසීය. සත්‍ය ලෙමස කියනව නම් අපිට සෝලියස් මෙන්දිස් කලා කරුවාගේ නිර්මාණයන් ගැන අහන්න හැකි වුනා. නමුත් අවාසනාවකට දකින්න ලැබුනේ නෑ ඒ නිසාම ඔහුගේ චිත්‍ර කර්මයේ ඇති විශ්මිත බව දකින්න පින් මදි වුණාග ඔහුගේ වර්ණ වලින් හැඩතල නිර්මාණයන් කරද්දී චිත්‍රයේ ගැඹුර ආරම්භක චිත්‍රයේ සිට කැළණි විහාරයේ චිත්‍ර දක්වා දීර්ඝ ගමනක් ඇවිත් තියනවාග ඔහු ඒ සදහා ඉගෙණුම ලබා ගත්තේ කොහොමද
වෛද්‍යවරයෙක් වුණා නම් ඔහු අනිවාර්යයෙන්ම අපේ දෑස් සුවපත් කරනවාග හැබැයි දෛවය ලියලා තිබුණේ චිත්‍ර කර්මයට ඔහු නිපුනයෙක් කිරීමට නිපුනයෙක්වී මට හැකි නම් යම් අයෙක් ඕනෑම මාධ්‍යයකින්ල මාදිලියකින් ඉස්මතුවෙනවාග ඔහු අපට දෙන පණිවිඩය එයයි.
මම පෞද්ගලිකව හිතනවා කලාව ජනතාව උදෙසා කියලාග හැබැයි ජනතාවගේ හැඟීම් උද්දීපනය කරලා අවුලවාලීමට නෙවෙයි කලාව තිබිය යුත්තේග නිවා සනසාලන්නයි කලාව තිබිය යුත්තේ කියලයි මම විශ්වාස කරන්නේ. ඒ කලාව මීට අවුරුදු පනහකට පෙරතුව අපෙන් සමුගත්තග සොයිලියස් මැන්දිස් කලාකරුවානන් මොනවට පසක් කර දී තියෙනවා ආනන්දයෙන් ප්‍රඥාවට අපේ මනස මෙහෙයවන්න පුළුවන් බව ඔබ හිතන්න බිතු සිතුවම් නිර්මාණය කරද්දිල චිත්‍ර කර්මය කරද්දි සොයිලියස් මැන්දිස් කලාකරුවා බවුන්වැඩුවා නොවේද ඔහු වසර 17 ක් 18 ක් පුරාවට කැළණී විහාරයේ චිත්‍ර නිර්මාණයේ යෙදුනාගඒ උත්තම චිත්‍ර ඒකාග්‍රතාවයේ ප්‍රතිඵලය මේක නොවෙයිද කලාත්මක භාවනාව ඔහු ඇන්ද චිත්‍ර දකින්න බැරි අපට ඇස් ලබාදීමේ මහා සෞඛ්‍යමය කාරණාව ඔහු එදා අත තිබ්බා ඔහු උපයා සපයා ගත් මුදලින් රුපියල් ලක්ෂ හතක් වැය කර එක්දාස් නවසිය පනහ දශකයේදී සිවිරාජ දෘශ්‍යාබාධිත දරුවන් සඳහා වූ පාසල ගොඩනැගීම සඳහා යොදවනවා ඒ මීට වසර 75 කට කලින්ල එහෙනම් කොපමණ වටිනාකම් මුදලක් දරෑ ඔහු තමන්ගේ නමට තියෙන ඉඩකඩම මෙම විද්‍යාලයේ පාලක මණ්ඩයට පවරනවාග මෙ මහා සිත්තරා නූතන යුගයේ කලා කරුවන්ට මඟ පෙන්වනවා.
සිවරාජ ළමා නිවාසයේ පාලක මණ්ඩලයේ සභාපති ප්‍රින්ස්ලි වික්‍රමනායකල ලේකම් නන්දසිරි විමලදාස මහතා ඇතුළු ප්‍රදේශවාසීන්දලකලාකරුවන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියේය. ජුඩ් සමන්ත හලාවත

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර