රටක් සංවර්ධන වෙන්නේ ව්‍යවසායකයන් වැඩි වෙන්න වැඩි වෙන්න. වර්තමානයේ අපේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ තේමාව තමයි. කර්මාන්ත නවෝදයක් තුළින් පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් ඇති කරන එක. ඒ පොහොසත් රටක් ඇති කරන්න අපේ දැක්ම තමයි. කර්මාන්ත පුනරුදයක් ඇති කිරීම වන බව කාර්මික සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ ප්‍රාදේශිය සංවර්ධන අධ්‍යක්ෂ දිස්ත්‍රීක් 25 භාරව කටයුතු කරන එස්.ඒ.ජී සේනායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුයේ 2024 සබරගමු පළාතේ හොඳම නව ප්‍රවේශ සන්නාමය ලබා AGM නිෂ්පාදන අධිපති ඒ.ඩබ්.එම්.ෆාරුක් මහතා අගයමින් හෙම්මාතගම වෙළෙඳ සංගමය මගින් මගින් පවත්වන ලද ඇගයිමේ උත්සවයට එක් වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු එස්.ඒ.ජී සේනායක මහතා මෙසේද පැවසීය.
වර්තමානයේ අපේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ තේමාව තමයි. කර්මාන්ත නවෝදයක් තුළින් පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් ඇති කරන එක. ඒ පොහොසත් රටක් ඇති කරන්න අපේ දැක්ම තමයි. කර්මාන්ත පුනරුදයක් ඇති කරන්න. ඔය දියුණු වුනු හැම රටක්ම දියුණු වුනේ කර්මාන්ත දියුණු කරලා. වෙන එකක් නෙවෙයි. ව්‍යවසායකයන් සංවර්ධනය කරලා. වර්තමානයෙත් අපි එක තමයි ක්‍රියාත්මක කරන්නේ. රටක් සංවර්ධන වෙන්නේ ව්‍යවසාකයන් වැඩි වෙන්න වැඩි වෙන්න.
රටේ කර්මාන්ත දියුණු කරන්න අපි විශාල වැඩ කොටසක් කරන කාලයක් තමයි මේ තියෙන්නේ. විශේෂයෙන් කාර්මික සංවර්ධන මණ්ඩලය සම්බන්ධ වේලා. සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාංශයකටම එක කර්මාන්තයක් ආරම්භ කරන්න ඉදිරියේදි කටයුතු කරලා තියෙනවා ඉදිරියේදි. අපි එකක් කිවාට කිහිපයක් ආරම්භ කරන්න තමයි උත්සාහය ඒ තුළින් රටේ ප්‍රාදේශිය සංවර්ධන ඇති කරන්න අපි කල්පනා කරලා තිබෙනවා.
අවුරුදු ගණනාවක සිටම අපි කියන දෙයක් තමයි කාර්මික ජනපදයක් කෑගල්ල දිස්ත්‍රිකයට අවශ්‍යයි කියන එක. ඒ සඳහා ඉදිරියේදි අපිට අවස්ථාව උදාවෙයි කියලා අපි බලාපොරොත්තු වෙන බවත් අද දිනයේ සම්මාන ලාභි ෆාරුක් මහතාගේ ව්‍යාපාර කිරීමට තිබෙන උන්නදුව සහ එක දිගට ලබා ගන්නා සම්මාන ඉතා අගයන බවද ඒ මහතා වැඩි දුරටත් සිය කථාවේදි අගයමින් සුභ පතන්නටද විය.
විශේෂයෙන්ම කියන්න ඔනෑ අද මේ සම්මානය ලබා ගන්නා ෆාරුක් මහතා ගැන මම දන්නේ කෑගල්ල දිස්ත්‍රීක්කයේ වැඩ කරන කාලයේදි. ව්‍යවසායකයෙක්ගේ හොඳ ලක්ෂණයක් තමයි දැනුම සොයා යෑම. දැනුමෙන් අලුත් වෙනවා. ෆාරුක් මහතා මොන වැඩ සටහන කිවොත් ඒ වැඩ සටහනට ෆාරුක් මහතාගේ සම්බන්ධ විම තිබෙනවා. ෆාරුක් මහතා නැති වැඩ සටහන් නැතුවා වාගේ එක හොඳ ලක්ෂණයක් වාගේම හැම ව්‍යාපාරයක් කරන මහත්මයෙකුටම ෆාරුක් මහතා ආදර්ශයක් වන බවද ඒ මහතා පැවසීය.
එතුමා අගයමින් කතාවක් කල මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් විජානි රත්නසේකර මහත්මිය මෙසේ පැවසීය.
වසර ගණනාවක් තිස්සේ එක දිගට කුළු බඩු ආශ්‍රීත නිෂ්පාදන වලට සම්මාන ලබා ගැනීම තමයි මෙහි තිබෙන විශේෂත්වය. ඒ විදිහට බලන කොට අද සම්මානයට පත්‍ර AGM නිෂ්පාදන අපේ මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාංශයට ආඩම්බරයක් ගෙන දී තිබෙන බව පැවසීය.
එහිදි මෙම සම්මානය ලබා ගත් ්ඨඵ අධිපති ෆාරුක් මහතා අගයමින් එම උත්සවයට පැමිණි ආරාධිතයන් බොහෝ දෙනෙකු කථා පවත්වමින් ඔහු අගයන්නටද විය. එහිදි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර මහතා කතා කරමින් මෙසේ පැවසීය.
අපේ රජයේ ප්‍රතිපත්තිය තමයි නිෂ්පාදන ආර්ථිකය මත රටක් ගොඩ නැගීම. මේ රට ගොඩ දාන්නම් නිෂ්පාදන ආර්ථිකය අනිවාර්යෙන්ම සිදු කර යුතු වෙනවා. ඒ නිෂ්පාදන ආර්ථිකයට පණ පොවන්න. බැංකු ක්‍රමයට අවශ්‍ය ශක්තිය දෙන්න ව්‍යාපාර කරන්න අවශ්‍ය ධෛරිය දෙන්න. ඒ විතරක් නොවෙයි මේ හැම කාර්යකටම වඩා වැදගත් වෙන්නේ රටක දේශපාලන ස්ථාවරත්වය. මේ රටේ ජනතාව එකතු වේලා. ආණ්ඩු බලය සහ රාජ්‍ය බලයට අපට ලබා දීලා. මේ රටේ දේශපාලන ස්ථාවරත්වය අපිට ලබා ගැනීමට හැකි වු නිසා තමයි රටේ සියලුම දෙනාට විවසායකයන් විදිමට ව්‍යාපාරිකයන් ලෙස නව උත්පාදන හදුන්වා දුන් අය විදිහට අපිට ඉස්සරහාට එන්න ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඔනෑම රටක දේශපාලන ස්ථාවරත්වය අතිශය වැදගත්. විදෙස් ආයෝජකයන් එන්න ඉන්න අයෝජකයන් මෙහි රැදෙන්න රටක බදු ප්‍රතිපත්ති රටක පොලි අනුපාත මහ බැංකුව ඉතා සානුකම්පිතව බලලා පොලි අනුපාත වැඩි නොකර සිටිම වාගේ දේවල්. ඒ වාගේම ඩොලරයේ අගය ස්ථාවරව තබා ගැනීම තමයි මේ කාර්යේදි අපිව දිරි ගන්වන්නේ.
ඒ නිසා හෙම්මාතගම වාගේ ප්‍රදේශයකින් මේ වාගේ ව්‍යාපාරකයෙක් ඉදිරියට පැමිණිම සම්මාන ලැබිම අපි අගයන අතර එය අනිකුත් ව්‍යාපාරකයන්ටද විශාල ආදර්ශයක් වන බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසීය.
සටහන සමන් විජය බණ්ඩාර