Sri Lanka
පාකිස්තානයේ ත්‍රස්ත ප්‍රහාර 2ක්
2025-09-03 08:00 PM
පාකිස්තානයේ නගර 2කට එල්ලවී තිබූ ත්‍රස්ත ප්‍රහාර 2කින් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් 50කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

මියගිය පිරිසෙන් 6 දෙනෙකු හමුදා සෙබළුන් බව විදෙස් මාධ්‍ය පවසයි. ඇෆ්ගනිස්තානයට සහ ඉරානයට මායිම්ව පිහිටි පාකිස්තානයේ ක්වේටා නගරයේ දේශපාලන රැලියක් පැවැති ස්ථානයකට ඊයේ මෙම එක් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබුණි. ඉන් පුද්ගලයින් 11 දෙනෙකු පමණ මියගොස් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රැලිය අවසන් වී පිරිස විසිර යමින් සිටින අතරතුර එහි රථ ගාලක් තුළ මෙම බෝම්බය පුපුරා ගොස් තිබූ අතර එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවට සැක කෙරෙයි.

මේ අතර එරට වයඹදිග කොටසේ බන්නු නගරයේ පිහිටි හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 6 දෙනෙකු ඇතුළු 12 දෙනෙකු මියගොස් තිබේ. මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු පුපුරණ ද්‍රව්‍ය පුරවාගත් මෝටර් රථයක් යොදාගෙන එම කඳවුරේ ආරක්ෂක තාප්පය බිඳ දැමීමෙන් පසු ආයුධ සන්නද්ධ කැරලිකරුවන් පිරිසක් එම කඳවුරට ඇතුළුවී වෙඩි ප්‍රහාර එල්ලකර ඇත.

දෙපාර්ශ්වය අතර පැය 12ක පමණ කාලයක් මෙම ගැටුම් පැවැති බවද වාර්තා වෙයි. කෙසේ වෙතත් මේ දක්වා කිසිවෙකුත් මෙම ප්‍රහාරවල වගකීම භාරගෙන නොමැත.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට