Sri Lanka
ප‍්‍රභාකරන් සහරාන් හා සමානවම රථවාහන ත‍්‍රස්තවාදයත් ක‍්‍රියාත්මයි
35 | 2025-09-02 06:15 PM
ප‍්‍රභාකරන් සහරාන් හා සමානවම රථවාහන ත‍්‍රස්තවාදයත් ක‍්‍රියාත්මත බවත් පොලිසිය තනිවම එය මර්ධනය කරනවා වෙනුවට පාසැල් සිසුන්ගේ, වැඩිහිටියන්ගේ මෙන්ම විනීත රියදුරන්ගේ දායකත්වය ඒ සඳහා අත්‍යාවශ්‍ය බවත් වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා අද 2 එලෙස පැවසූයේ නාරම්ල මානාව කණිටු විදුහලේ පැවති උත්සවයක ප‍්‍රධාන දෙසුම පවත්වමිනි.
එහිදි ඒ මහතා මෙසේද පැවසීය
උදේ සුදෝසුදු වතින් සැරසී පාසැල් පැමිණි ඔබ වගේ දරුවන් තමයි ඉකුත් දා අවාසනාවන්ත ලෙසින් සිදුවූ රියඅනතුරට ලක්වෙලා දිවි අහිමිවුණේ. අදත් මේ මොහොත වන විටත් එම අනතුරෙන් තුවාල ලත් දියණිවරු කිහිපදෙනෙක් රෝහල් දැඩිසත්කාර එකක වල ප‍්‍රථිකාර ලබනවා. ඒ සිදුවිමට පෙර අපි පොලිසිය ලෙසින් විශේෂ ක‍්‍රියාමාර්ග රැසක් ගනු ලැබුවා පමණක් නෙවෙයි සිදුවීමෙන් පසුව අපි වයඹ ආණ්ඩුකාරවරයා සහ ඊට අදාළ කණ්ඩායම් කමිටුවක් ලෙසින් රැසිවෙලා තීනිදු තීරණ රැසක් ගනු ලැබුවා ඔබේ අපේ ආරක්‍ෂාව වෙනුවෙන්.
විශේෂයෙන්ම මාර්ග අනතුරු දිගින් දිගට වාර්තා වෙලා තියන ස්ථාන හ`දුනාගැනීමට මේ වනවිට කටයුතු කර තියෙන්නෙ. මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධක අධිකාරිය, පළාත් පාලන ආයතන ඒකාබද්ධව එම ස්ථාන ප‍්‍රකෘති කිරීමට කටයුතු සිදුකරමින් යන්නෙ. ඒ වගේම තමයි බීමත් අවිනීත රියදුරන්ට කිසිදු සමාවක් නැහැ. පාසැල් ආරම්භය හා අවසානය වෙලාවන්හිදී විශේෂ රථවාහන සැලැස්මක් ඇති කරන්න අපි කටයුතු කරනවා. පැය 24ම පොලිසිය මාර්ගයේ යොදවලා තියෙන්නෙ. අපි මේ රිය අනතුරු ත‍්‍රස්තවාදයෙන් මිදෙන්නම අවශයයි. නැතහොත් මරණයෙන් වගේම සදාකාළික ආබාධිතයින් වෙලා රෝදපුටුවකට නැත්තම් කිහිළිකරුවක ඉන්න වෙයි. මේක මහා ඛේදනීය තත්වයක්. එතැනින් නොනැවතී ධාවනයට යෝග්‍ය වාහන මොනවාද යන්න අපි මෝටර් රථවාහන දෙපාර්තමේන්තු පරීක්‍ෂකවරුන් ලබා පරීක්‍ෂා කරවන්න සියලූ කටයුතු සූදානම් කරලා තියෙන්නෙ. ඊට පාසැල් බස් වෑන් පවා ඇතුළත් කරනවා
මානාව කියන්නෙ වෙනමම සංස්කෘතියක් ඇති ප‍්‍රදේශයක් බව මා මෙතැනට එනවිටම ආරංචිවුණා. කරුණාකර දෙමාපියන් මත්ද්‍රව්‍ය භාවිතය මේ දරුපැටවු ගැන හිතලාවත් නවත්වන්න. බැරිමනම් බෙහෙත් ගන්න. මේ දරුපැටවු ඉස්සරහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලකෙන්න තරම්වත් මනුස්ස කමක් තියාගන්න. පාසැල වටේටම වයර් පුලූස්සලා දුම් ගස්සලා විවිධ කාරණා නිසා දරුවන්ට අධ්‍යාපනය එපා වී ඇති බව වාර්තා වුණා. එහෙම බැහැ. දරුවන්ට අධ්‍යාපනයට සුදුසු වාතාවරණයක් දෙමාපියන් අපි ඔබ සලසාදියයුතුමයි. එ් වගේම කළයුතු ජීවනෝපායනුත් කරගතයුතුයි. ඊට සුදුසු පරිසර සෞඛ්‍ය අංශවල සහයෝගයෙනුත් නිර්මාණය කරගැනීම වැදගත්. යැයි පැවසීය.
මෙහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ සම්බන්ධීකරණයෙන් කපිතාන් මිළියනයක් වටිනා පොත්පත් තොගයක්ද සිසුදරුවන් වෙනුවෙන් පරිත්‍යාග කිරීම විශේෂත්වයකි.
මේ අවස්ථාවට කුලියාපිටිය කොට්ඨාසබාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ ජේ කරුණාසිංහ, සහකාර පොලිස් අධිකාරි වසන්ත හේරත්, මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කමල් රත්නායක ඇතුලූ කොට්ඨාසයේ සියලූම ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්‍ෂිකා තේජානි වීරසේකර යන මහත්ම මහත්මීන් හා ගිරිඋල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා ඞී දේවප‍්‍රිය මහත්මිය ඇතුලූ පිරිසක් ඊට සහභාගී වූහ.

කුලියාපිටිය දිනේෂ් උපේන්‍ද්‍ර


ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර