Sri Lanka
මාසයකට දෙතුන් තැනක් කඩන කෝටි ගණන් වටින පාරේ කර්මය
2025-07-16 06:19 AM
මාවනැල්ල හෙම්මාතගම හරහා අම්බුළුව පසු කරමින් ගම්පොලට දැනට වසර 10 කට විතර කලින් පාර මං තීරු දෙකකට සකස් කලා. හරි වටිනා පාරක් නමුත් මේ පාර හදපු දවසේ ඉදලා මාසයකට දෙතුන් තැනක් මාර්ගය බැකෝ දාලා හරලා කඩලා තිබෙනවා. ඔබ දැක ඇති ඇයි මෙහෙම වෙන්නේ. හේතුව තමයි ජල සම්පාදනය මගින් මාර්ගයේ ජල කාන්දු වන ස්ථාන සකස් කරද්දි ඒවා පිළිසකර කරන කටයුත්ත කරන්න තමයි එහෙම කරන්නේ. ජල කාන්දුවක් වුනාම මාර්ගයේ ඇතුලත ජලය ගොස් සමහර තැන් වල දොදෙලේ වාගේ ජල කාන්දුව හදලා ගල් බොරළු දාලා මහා මාර්ග එකෙන් ඇවිත් කාපට් දාලා ගියත් ඒ වාගේ තැන් තිබුණු ප්‍රමිතියට හැදෙන්නේ නැහැ. නිකන් ගිලා බැහැලා වාගේ තිබෙනවා. මෙහෙම කඩපු තැන් හදන්න මාස ගණන් යනවා. ඒ වෙනකොට අනතුරුත් ගණනාවක්ම මේ වාගේ තැන් වල වෙනවා. වැස්ස දවස් වල ජලය පිරිලා තියෙනවා වෙනත් ප්‍රදේශවලින් එන වාහාන වේගයෙන් ඇවිත් මේ වාගේ තැන් වලින් දාපු ගමන් ඒවාට හානි වෙනවා. ඇත්තෙන්ම ජල නල ටික මාර්ගයේ අයිනකින් එලන්න වියදම අඩු වෙයි. මොකද මාසයකට මේ වාගේ කාන්දු කිහිපයක් වුනාම එකට ගෙන බැකෝ එකට පාර කඩන්න වියදම් කරන මුදල එහි නඩත්තු වියදම් සේවක වියදම් බලපුවාහම. මාර්ගයට වන පූර්ව කාලීන හානිය මේ ගැන වගකිව යුත්තෙක් ටිකක් කල්පනා කරලා බලනවා නම් වටිනවා. මේ අපතේ යන මුදලින් රටේ විශාල වැඩක් කරන්න පුළුවන් වාගේම විශාල නාස්තියක් අවම කරගන්නත් පුළුවන් කම තියෙනවා. මේ මාර්ගය මාවනැල්ලෙන් නුවරඑළිය ගම්පොල නාවලපිටියට පේරාදෙණිය හරහා යනවාට වඩා අඩු කාලයකින් සහ අඩු දුරකින් යන්න තියෙන වටින පාරක් මේ ගැන විඩියෝ එකක් මේ පිටුවේ තියෙනවා බලන්න අමතක කරන්න එපා.

සටහන මාධ්‍යවේදි සමන් විජය බණ්ඩාර
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට