Sri Lanka
වයස 70 ඉක්මවු වයස්ගත පියවරුන් සහ මව්වරුන්ට අගයයි
2025-09-01 07:14 PM
මාවනැල්ල කලාපයට අයත් බලත්ගමුව අම්බලාව සිසරණ සුභ සාධක සමිතියේ සමාජිකත්වය දරණ දැනට වයස අවුරුදු 70 ඉක්මවු එම ගම්මාන දෙකෙහි වයස්ගත පියවරුන් සහ මව්වරුන් වෙනුවෙන් උපහාර උත්සවයක් පසුගිය ඉරුදින සංවිධානය කරන තිබුණි.
මෙම උපහාර උත්සවයේදි විහාරස්ථානයේ නායක හිමියන් විසින් මූලික ආගමික වතාවත් ඉටු කිරීමෙන් පසුව වැඩිහිටියන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහක් ලබා දීම සිදු කර අතර එම අවස්ථාවේ වැඩිහියන් විසින් විනෝදාස්වාදය වෙනුවෙන් කවි, ගීත, යනආදිය ඉදිරිපත් කරන්නට විය. පසුව එම ස්ථානයට වැඩම කරන ලද අම්බලාව විහාරස්ථානයේ විහාරාධිපති නුගගොල්ලේ ධම්මානන්ද ස්වාමින් වහන්සේ විසින් අගනා ධර්ම දේශණයක් එහි සිටි වැඩිහිටියන් වෙනුවෙන් පවත්වන ලදි.
එහිදි උන්වහන්සේ පැවසුයේ වැඩිහිටියන් මෙලොවින් සමුගන්නට පෙර ඔවුන් අගයමින් උපහාර දැක්විම ඔවුන්ගේ ගුණ ගායනා කර ඔවුන් සමාජය වෙනුවෙන් කරන ලද දේවල් අගයමින් අගය කිරීම උතුම් පිංකමක් වන බවයි. බොහෝ දෙනා මිය ගිය පසුව දේහය ලග තියන් ඔහු පිළිබඳව ගුණ කිවාට එය නිශ්ඵල කටයුත්තක් වන බවද උන් වහන්සේ පෙන්වා දෙන ලදි. මින් පෙර මෙවැනි පිංකමක් සිදු කරන අන්දම තමන් දැක නැති නිසා මෙම කටයුතු සංවිධායනය කිරීම ඉතාම අගය කරන බවද කීය. උන් වහන්සේගේ ධර්ම දේශණාවෙන් පසුව වැඩිහිටියන් වෙනුවෙන් දානයම පිංකමක්ද ලබා දීමට සිසරණ සුභ සාධක සමිතිය කටයුතු කරන්නට විය.
මෙහිදි වයස අවුරුදු 90 ඉක්මවු පියාණන් කෙනෙකුද වයස අවුරුදු 70 ව ඉක්මවු පුතණුවන් සහ දියණියද විශේෂ උපහාරයකට ලක් වියද විශේෂතවයක් විය.
ජායාරූප සහ සටහන මාවනැල්ල සමන් විජය බණ්ඩාර
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට