හලාවත - මුන්නේෂ්වරම පූජා භූමිය අවට මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලවි කළ කළ අලවිය සදහා ප්‍රදර්ශණය කිරීමට කටයුතු කළ ව්‍යාපාරිකයින් 13 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන ලදි.
හලාවත - මුන්නේෂ්වරම පිහිටි ඓතිහාසික ඊශ්වර දේවාලයේ වාර්ෂික මංගල්‍ය සමය මේ දිනවල පැවැත්වේ.එම මංගල්‍ය වෙනුවෙන් දේවාලය අවට ව්‍යාපාරික ස්ථාන රැසක් පවත්වා ගෙන යයි.දේවාලයේ මංගල්‍ය සමයට පැමිනෙන බැතිමතුන් තම පරිභෝජනයට අවශ්‍ය ආහාර මිලදී ගැනීම සිදු කරණු ලබන්නේ මෙම ව්‍යාපාරික ස්ථාන වලිනි.
ඉකුත් 31 වැනිදා දවස පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්විසින් අදාල ව්‍යාපාරික ස්ථාන දැඩි ලෙස පරීක්ෂා කිරීම සිදු කරන ලදි.නියමිත වෛද්‍ය සහතික නොමැතිව පිසින ලද ආහාර අලවි කළ සේවකයින්,කල් ඉකුත් වූ සහ කෘමී සතුන්,පුස්සහිත ආහාර අලවිය සදහා ප්‍රදර්ශණය කළ ව්‍යාපාරිකයින්, දුහුවිල්ලට නිරාවරණය වන ලෙසආහාර ප්‍රදර්ර්ශණය කර තිබූ ව්‍යාපාරිකයින්, ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටින් භාජන අලවිය සදහා ප්‍රදර්ශණය කළ ව්‍යාපාරිකයින්, ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන ලදි.එමෙන්ම මිනිස්පරිභෝජනයට නුසුදුසු ආහාර සහ අලවිය සදහා තබා තිබූ ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටින් භාජන ඉවත් කර එම ව්‍යාාරිකයින්ට දැඩි ලෙස අවවාද කිරීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්කටයුතු කරන ලදි.
මුන්නේෂ්වරම දේවාලයේ ආගමික කටයුතු සදහා පැමිනෙන බැතිමතුන්ගේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් මෙම මෙහෙයුම් දිගින් දිගටම සිදු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කරයි.
හලාවත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක උපුල් රෝහණ මහතා ඇතුළු කණ්ඩායමක් මෙම මෙහෙයුම සදහා එක්ව සිටියේය.
ජුඩ් සමන්ත හලාවත