Sri Lanka
ස්පාඤ්ඤ ජාතික තරුණියකට ලිංගික අතවර කිරීමට උත්සාහ කර තරුණයන් දෙන්නා අත්අඩංගුවට
2025-09-01 12:21 PM
සංචාරක හෝටලයක පැවති සාදයක් අතර තුර ස්පාඤ්ඤ ජාතික තරුණියකට ලිංගික අතවර කිරීමට උත්සාහ කර පසුව ඇයට පහර දුන් බව කියන තරුණයින් තිදෙනෙකුව කල්පිටිය පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය,කන්දකුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 සහ 39 වියේ පසුවන තරුණයින් තිදෙනෙකුවය.

සංචාරයක් සදහා පෙම්වතා සමග මෙරටට පැමිණි තමන් කල්පිටිය - කන්දකුලිය ප්‍රදේශයේ හෝටලයක නවාතැම් ගෙන සිටි බවත්,ඉකුත් 30 වැනිදා රාත්‍රීයේ එම ප්‍රදේශයේම වෙනත් හෝටලයක පැවති රාත්‍රී ඩී.ජේ.සාදයකට සහභාගි වූ බවද ස්පාඤ්ඤ ජාතික 31 හැවිරිදි තරුණියක වන කල්පිටිය පොලීසියට පැමිණිළි කරමින් සදහන් කරමින් ඇත.එම සාදයට සහභාගි වෙමින් සිටි මෙරට තරුණයින් තිදෙනෙකු තමන් වෙත පැමිණ පළමුව තමන්ට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බවත්(පසු පස ප්‍රදේශය මිරිකූ බවත්) තමා ඊට විරුද්ධ වීම නිසා ඔවුන් තමන්ට පහර දුන් බවත් පැමිණිළිකාරිය පොලීසිය පවසා ඇත.

අනතුරුව තමන් පුත්තලම නගරයේ පිහිටි පුද්ගලික රෝහලකට ගොස්ප්‍රතිකාර ලබා ගත් බවද පවසමින් සිද්ධියට මුහුණ දුන් ස්පාඤ්ඤ ජාතික තරුණිය 31 වැනිදා දහවල් කල්පිටිය පොලීසියට පැමිණ පැමිණිල්ලක් සිදු කර ඇත.

එම පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වී ඇති පොලිස් නිලධාරීන්ස්පාඤ්ඤ ජාතික තරුණියට පහර දුන් බව කියන සැකකරුවන් තිදෙනාව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව ඇත.

කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශණ කරගෙන යයි.

ජුඩ් සමන්ත හලාවත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට