Sri Lanka
වෙන්නප්පුවේ වෙඩි තැබීමට සැකකරුවෙකු අත්අඩංගුවට
27 | 2025-08-31 04:54 PM
වෙන්නප්පුව වැව පාරේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙනෙකුව කඩු වලින් කපා තුවාල සිදු කර අනතුරුව වෙඩි තබා එක් අයෙකුව ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 31 වැනිදා දහවල් මෙම මිනිස් ඝාතනය සිදුවී ඇත.

ඝාතනයට ලක්ව ඇත්තේ වෙන්නප්පුව - කිරිමැටියාන වත්තලලුණුවිල පදිංචිකරුවෙකු වන තිස්සව පතිරණලාගේ ධනුෂ්ක උදය ශාන්ත නම් අයෙකි. මෙම සිද්ධියේදී මිය ගිය අය සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටි හරඹගේ ගයාන් ප්‍රියන්ත යන අය දිව ගොස් දිවි බේරා ගෙන ඇති නමුත් කැපුම් තුවාල හේතුවෙන් ඔහුව ප්‍රතිකාර සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මිය ගිය සහ තුවාල ලබා ඇති අය හලාවත මහාධිකරණයේ විභාග වන නඩුවක නියෝග අනුව වෙන්නප්පුව පොලීසියට පැමිණ සිය පැමිණීමේ අත්සන තබා පිටත්ව ගොස් ඇතගඒ අතර තුර ඔවුන් එන මග බලා සිටි මෝටර් කාර් රථයකින් පැමිණි දෙදෙනෙකු සිට ඇත ධාවනය වෙමින් තිබූ යතුරු පැදිය මෝටර් රථයේ ගැටීමට සලස්වා ඇතගයතුරු පැදියේ ගමන් කරමින් සිටි දෙදෙනා බිමට වැටුණු පසුව මෝටර් රථයේ පැමිණි දෙදෙනා ඔවුන්ට කඩුවකින් පහර දී බරපතල තුවාල සිදු කර ඇතගඑහිදී එක් අයෙකු පලා ගොස් ඇති අතර මාර්ගයේ කාණුවක වැටී සිටි පුද්ගලයාට මෝටර් රථයේ පැමිණ අයෙකු විසින් වෙඩි තැබීමක්ද සිදු කර ඇත.
සිද්ධිය වී සුළු වේලාවකින් වෙන්නප්පුව පොලීසිය වෙත පැමිණි අයෙකු තමන් පුද්ගලයින් දෙදෙනෙකුව තියුණු ආයුධයකින් කපා කොටා තුවාල සිදු කර අනතුරුව වෙඩි තබා එක් අයෙකුව ඝාතනය කළ බවට පවසා ඇතගඑසේ පවසමින් පොලීසියට බාර වී ඇත්තේ වෙන්නප්පුව - එකමුතු මාවතේ පදිංචි 35 හැවිරිදි අයෙකි.
පසුව කරන ලද සෝදියකදී වෙන්නප්පුව සති පොල ආසන්නයේ තිබී අතහැර දමන ලද මෝටර් කාර් රථයක් පොලීසිය විසින් සොයා ගෙන ඇතගඑම මෝටර් කාර් රථයේ තිබී විදේශීට රටක නිෂ්පාදනය කරන ලද පිස්තෝලයක් සහ කඩුවක්ද පොලීසිය විසින් සොයා ගෙන ඇතගඅත්අඩංගුවට ගෙන ඇති සැකකරු ඝාතනය සදහා යොදා ගෙන ඇත්තේ මෝටර් කාර් රථයේ තිබී හමුවූ ගිනි අවිය සහ කඩුව බවට සැකකරන්නේ යැයි පොලීසිය කියයි.
සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු පලා ගොස් ඇති අතරලඔහු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ කටයුතු සිදු කරන බව පොලීසිය කියයි.
2014 වර්ෂයේ වෙන්නප්පුව ප්‍රදේශයේ සිදුවී ඇති මිනිස් ඝාතනයකට පලි ගැනීමක් ලෙස මෙම ඝාතනය සිදු වන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි එම නඩුවේ තීන්දුව හලාවත මහාධිකරණය විසින් 2025 සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමටද නියමිතව තිබී ඇත.

ජුඩ් සමන්ත හලාවත

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර