අමෙරිකා ටෙක්සාස් ෆොට්වෝර්ත්හි පැවති අමෙරිකානු ජාතික කරාතේ තරගාවලියේදී අවුරුදු 15න් පහළ කාතා අංශයේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේදී කරාතේ ක්‍රීඩාවට පිවිසි මන්මිතා සේනාධි ජිනසේන සමත් වූවාය. ඇය මේරිලෑන්ඩ් ප්‍රාන්ත කරාතේ දෝ පාසල නියෝජනය කරමින් තරගාවලියට එක් වූවාය.
පසුගිය වසරේ අමෙරිකා ජාතික කරාතේ තරගාවලියේ අවුරුදු 14න් පහළ කාතා අංශයේ රිදී පදක්කම දිනාගත් අතර, මේ වසරේ මැයි මාසයේ වර්ජනියා ප්‍රාන්තයේ පැවැති ‘මිඩ් ඇට්ලාන්ටික්’ කරාතේ තරගාවලියේ කාතා රන් පදක්කම හා කුම්තේ අංශයේ රිදී පදක්කමක් ද දිනා ගත්තාය. වයස අවුරුදු හතේදී කරාටේ ක්‍රීඩාවට පිවිසි ඇය, මේ වන විට අමෙරිකා එක්සත් ජනපදයේ උසස් අධ්‍යාපනය ලබන අතර ලබන වසරේ ජාතික තරගාවලියේ රන් පදක්කමක් දින ගැනීම මීළඟ බලාපොරොත්තුව වී තිබේ.