Sri Lanka
අපරාධකරුවන් ඇල්ලු ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ට ශ්‍රී ලංකා පොලීසියේ උපහාර
2025-08-31 08:17 AM
ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන ඊයේ රාත්‍රියේ මෙරටට රැගෙන ආ අපරාධකරුවන් 05 දෙනා ඉදිරි විමර්ශන සඳහා යොමු කර තිබෙනවා.

ඒ අනුව කෙහෙල්බද්දර පද්මේල කමාන්ඩෝ සලින්තල පානදුරේ නිලංග යන තිදෙනා ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගියා. දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන් වන බැකෝ සමන් සහ තැඹිලි ලහිරු යන දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා භාරදීමට නියමිතව ඇත්තේ බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය වෙතයි.

කෙහෙල්බද්දර පද්මේල කමාන්ඩෝ සලින්තල බැකෝ සමන්ල පානදුරේ නිලංග සහ තැඹිලි ලහිරු ඊයේ රාත්‍රී 07. 25ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා. ඒල ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට විශේෂ ආරක්‍ෂාවක් මධ්‍යයේ ගුවන් යානයකින්ග ඔවුන් කටුනායක ගුවන් තොටුපොළට රැගෙන එන අවස්ථාවේ එම පරිශ්‍රයේ සහ ඉන් පිටතද විශේෂ ආරක්‍ෂාවක් යොදවා තිබුණි.

එමෙන්ම කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් ඇගයීමට ලක්කරමින් තිළිණ ප්‍රදානයක්ද සිදුකළේය. එමෙන්ම එම මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ව හා මෙරට පොලිස් නිලධාරීන්ව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයාගේ ඇගයීමටද ලක්විය. පසුගිය 27 වන දින ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගන්නා ලද මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් පස් දෙනෙකු ඊයේ 30 වන දින රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට රැගෙන එන ලදි. එහිදී එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ දිවයිනට රැගෙන ඒමට මූලිකත්වය ගත් ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් හා ශ්‍රී ලංකා පොලිසියේ මෙම මෙහෙයුමට සම්බන්ධවූ නිලධාරීන්ද කටුනායක ගුවන්තොටුපොළේදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පිළි ගත්තේය.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට