අපේ රටේ රැකියා වෙළෙඳපොල තුල අවස්ථා බොහෝමයක් තිබුණත් වර්තමානයේ එම රැකියා වලට යෑමට සුදුසුකම් සහිත දරුවන් බිහි නොවිම සහ ඒ ගැන නොසිතා වැඩ කිරීම මගින් අපේ රටට ඩොලර් ගෙන්න පවා බැරී අවදානමක සිටින බව බලංගොඩ සේනක සමූහ ව්‍යාපාරයේ කළමණාකරණ අධ්‍යක්ෂ සේනක ගුරුසිංහ මහතා සිය ජීවිතයේ ලබා ඇති අත්දැකිම් සමූදායක් ගෙන හැර දක්වමින් පවසයි.
ඒ මහතා මේ බව පැවසුයේ රටවටා ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක සභාව පැවැති බලංගොඩදී එහි සමාරම්භක උත්සවයට 23 වැනි දින එක් වෙමින්ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ අපේ රටේ විශාල අඩුපාඩුවක්ව පවතින ව්‍යවසායකයන් බිහි කිරීමට සිය පෑන මෙහෙයවන ලෙසයි. එහිදි ඒ මහතා මෙසේද පැවසීය.
“මම ඔබතුමන්ලගෙන් ඉල්ලන්නේ අපිට පුළුවන්ද මේ අවුරුදු 50කට පස්සේ ඔබතුමන්ලාගේ පැන්තුඩ මෙහෙයවන්න. ව්‍යසායක රටක් ගොඩනගන්න. ව්‍යසායකයෝ බිහි කරන රටක් ගොඩ නගන්න. අඩු ගානේ විශ්වවිද්‍යලයෙන් එළියට එන එක දරුවෙක්ට 10 දෙනෙක්ට රස්සා දෙන්න පුළුවන් රටක් ගොඩ නගන්න, ඔබතුමන්ලාගේ පැන මෙහෙයවන්න පුළුවන්. එකතමයි මන් මේ ඓතිහාසික පුරවරයේ බලංගොඩ ඉදලා ඔබගෙන් ඉල්ලා සිටින්නේ.”
අපි උදේට එන පත්තර ඔක්කෝම බලනවා. හැබැයි මේ අවුරුදු 50ක් තුල මට දැන් අවුරුදු 65ක් වෙනවා මට මතක විදියට අවුරුදු 50 ක කාලේ ඉදලා මට පත්තරයක් ගන්න සල්ලි නොතිබිච්ච කාලේ ඉදලා මන් පුස්තකාලේට ඇවිල්ලා පොත් පත් බලනවා. හැබැයි මන් තාම දකින්නේ අපි උදේට බලන්නේ මොනවාද කියලා හවසට කල්පනා කලොත් එකෙන් කියක්ද අපට ජිවිතේට ගන්න තියෙන්නේ කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද හුගක් වේලාවට අපි අනුන්ගේ වැඩකට නැති දේවල් තමයි උදේ ඉදලා අපි කියවලා තියෙන්නේ. අපිට එකෙන් කිසිදෙයක් ප්‍රයෝජනයක් නෑ. කියලා අපිට හිතෙනවා.
මෙතන ඉන්න ජනමාධ්‍යවේදින්ගෙන් ඉතාම ගෞරවයෙන් මම ඉල්ලා සිටිනවා මේ දේවල් ගැන අවදානය යොමු කරන්න කියලා.
“ මම ව්‍යසායකයෙක් හැටියට මේ කාලය තුල වැඩියෙන් ම දකින්නේ විශාල තරුණ පිරිසක් තරුණියන් පිරිසක් රුකියාවන් ඉල්ලගෙන එනවා. අපිට දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා ඊට වැඩිය අපිට රැකියා දෙන්න බැහැ. මොකද අර නැවක පටවන්න පුළුවන් ප්‍රමාණයට වඩා නැවක පැටෙව්වොත් නැව ගිලෙනවා. ඉතින් ඒ නිසා අපිටත් එකේ ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඒ එන දරුවෝ විශාල වශයෙන් අධ්‍යාපනය ලබලා හොඳ අධ්‍යාපනයක් හදාරපු දරුවෝ තමයි එන්නේ ”
උදාහරණයකට ඔබට කියන්නම්. වර්තමානයේ ඔබ දකින ජනතාව අතර ජනප්‍රිය මේ ඊශෘ කියන වාහාන මාදිලිය චිනය හැදුවේ තරුණ ළමයි හයදෙනෙක් එකතු වේලා. ඊට එක් ඉංජිනේරුවෙකුයි එකතු වුනා. අද ටෙස්ලා සමාගම අභිමවලා ගිහිල්ලා ඊශෘ රටට ලෝකේටම ගෙනවා. මොකක්ද මේ ඊශෘ රථයක තියෙන තත්ත්වය. කිලෝ මිටර් 800ක් දුවනවා ගෙදර ඉලෙක්ට්‍රසිටි එකේ චාච් කර ගත්තාට පස්සේ පෙට්ට්‍රල් වලිනුත් දුවනවා. දැන් මන් අහන්නේ මේ 3000 ගෙනාවට පස්සේ මේ 3000 න් එකක් අපිට කොහේ හරි අනතුරක් වෙන්න පුළුවන්. හැප්පෙන්න පුළුවන්. බැටරිය බහින්න පුළුවන්. නැත්තම් මොකක් හරි දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. මේක හදන්න දැනුමක් තියෙන ළමයි කී දෙනෙක් දැන් අපේ රටේ නිර්මාණය කරලා තියෙනවාද අපි මිලියන ගානක් වාහන ගෙනල්ලා මේ වහාන ගෙන කොට අපි නිර්මාණය කරලා තියෙනවා ද ඒවා හදන්න. මේ වාහන හදන්න පුළුවන් මිනිස්සු මේ රටේ. දැන් විශාල වෙළඳපලක් තියෙනවා ඉස්සරහාට මේ එන රථ නැවත අලුත් වැඩියා කරන්න අපේ රටේ.
දැන් අපි නැවත මේක චිනයට යවන්නද? නැහැ මේක හරියට වෛද්‍යවරයෙක් නැති රටක් ගොඩනැගුවා වගේ තමයි වාහන ගෙනල්ලා තියෙනවා නමුත් මේ වාහනයකට අනතුරක් වුනොත් මේ වාහනයක් හදන්න ක්‍රමයක් වුනොත් අපිට මනුෂ්‍යයෙක් ඒ සඳහා සුදානම් කර ගෙන නැහැ. මම ඉල්ලා හිටින්නේ ඔබගෙන් මෙන්න මේ පැන මේ කරත්‍යව්‍ය සඳහා යොදවන්න. මේ එක දරුවෙකුට දහ දෙනෙකුට රස්සාව දෙන්න පුළුවන් මේ වාහාන හදන්න. වහාන විකුණ තැනකට මේක ගැන කියලා දෙන්න රුකියාවට අපිට තරුණයෝ යොදවන්න පුළුවන්. මේ වහාන ස්විස් කරන තැනම මේ වහානය ගැන කියලා දෙන්න කෙනෙක් යොදවන්න පුළුවන්.
මට මේ ලග දී ඊශෘ රථයකින් ගමන් කරන්න අවස්ථාව ලැබුණා. ඒ රියදුරා මට කියනවා. මේ වාහානය පදවනකොට ඇනුමක් ගියොත් ඊශෘ රථය පෙන්නුම් කරනවා දැන් ඔබට නිදිමත එනවා වහාම වාහනය නතර කරන්න කියලා. බලන්න තාක්ෂණය චීනේ ගෙනත් තියෙන දුර. ඊලගට ඔහු මට පෙන්නුවා බලන්න මන් දැන් වෙන පැත්තක් බලනවා එතකොට වාහනේ මට දෙන සංඥාව මොකක්ද බලන්න. ඔබ පාරට තිබෙන අවධානය වෙන පැත්තක යොමු කරා වහාම පාර අවධානය යොමු කරන්න. එයා වාහනය පාරට ගත්තේ නැත්තම් වාහනය ඉබේම නතර වෙනවා. මේ තරම් තාක්ෂණයක් අපේ රටට ඇවිත් තියෙනවා. දැන් ඒ තාක්ෂණය අපේ රටේත් ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ තාක්ෂණය ඉදිරියට ගෙනියන්න අපේ රටේ දරුවෝ කියක් ක්‍රියාත්මක කරලා තියෙනවාද ? මන් හිතනවා අපේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් රටට අවශ්‍ය පුද්ගලයන් නිර්මාණය කරන්න කටයුතු කරන්න ඕන. සමහර අය අරන් එන සහතික බැලුවාම එයාලට දෙන්න රුකියාවක් අපි ලග නැහැ. මමත් කල්පනා කරනවා ඇයි මේ ළමයා අවුරුදු 4ක් ඉගෙන ගත්තේ කියලා. ඒ ළමයින්ට දෙන්න රුකියා අපේ කර්මාන්ත ක්ෂේත්‍රයේ නැහැ. ඉතින් ඒ නිසා මේ කර්මාන්ත පද්ධතිය ගොඩනැගුනොත් විතරයි මේ රටට ඩොලර් එන්නේ. ඒ නිසා තමා වෛද්‍යවරු, ඉන්ජීනේරුවෝ පෝළිමේ හිටියේ. මුළු රටම ඉන්ජිනේරුවෝ වුනත්, මුළු රටම වෛද්‍යවරු වුනත් වැඩක් නැහැ මේරට ඩොලර් ගෙන්නේ නැති මිනිස්සු බිහිවුනොත්.
අද ජපානේ මොකද වේලා තියෙන්නේ විශාල වශයෙන් ඒ මිනිස්සු දියුණු වේලා තියෙන්නේ කර්මාන්ත නිසා. කර්මාන්ත පිළිබඳ තියෙන දැක්ම නිසා. ඒ මිනිස්සු දිව්වේ නැහැ ශිෂ්‍යත්වය පස්සේ. ඒ මිනිස්සු දරුවෝ වෛද්‍යවරු කරන්න දිව්වේ නැහැ. මන් දැක්කා එක ගුරුවරයෙක් කියලා තියනවා පහේ පන්තියේ දරුවෙක්ගෙන් ඇහුවා ඔබ ලොකු වේලා කවුරු වෙන්නේ කියලා මම සෙරෙප්පු හදන පැක්ටි්‍රයක් දනවා කියලා. අපේ දරුවෝ කියයිද අපි සෙරෙප්පු හදන පැක්ටි්‍රයක් දානවා කියලා කියන්නේ. අපේ දරුවෙක්ගෙන් අහාපුවාම කියන්නේ මන් වෛද්‍යවරයෙක් වෙනවා කියලා. මන් කියන්නේ නැහැ එක වැරදි කියලා නමුත් එහෙම වෙලත් අපේ රටට වැඩක් නැහැ. අපිට ඩොලර් ගෙන්න ක්‍රමවේදයක් අපිට නැත්තම්. ඒ නිසා අපි ඉදිරි අවුරුදු 25 ගගැන හිතුවොත් අපි මේ කර්මාන්ත පද්ධතිය උඩු යටිකුරු නොකලොත් විශාල ප්‍රශ්නයකට ඉදිරි අවුරුදු 25 දී අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා යැයිද ඒ මහතා පැවසීය.
මාවනැල්ල සමන් විජය බණ්ඩාර