Sri Lanka
තිරිංග අක්‍රීය වු ලොරිය පස්සට ඇවිත් වාහාන දෙකක වැදි නවතියි.
2025-08-29 09:42 AM
හෙම්මාතගම නගරයේ ගම්පොල මං සන්දිය ආසන්නයේ අද උදෑසන වාහාන අනතුරක් හේතුවෙන් වාහාන දෙකකට හානි සිදු වි ඇති බව හෙම්මාතගම පොලිසිය පවසයි.
හෙම්මාතගම නගරය හරහා ගම්පොල දෙසට යමින් තිබු ලොරි රථයක් ගම්පොල මංසන්දියේදි තිරිංග අක්‍රීය විමෙන් එය පසු පසට පැමිණ ගම්පොල දෙසට ධාවන වු කුඩා වෑන් රථයක හැටිමෙන් පසුව නවතා තිබු තවත් ට්‍රක් රථයක ගැටි නැවති තිබුණි. අනතුරෙන් වෑන් රථයට දැඩි හානි සිදු වි ඇත.
අනතුර සිදු වු ස්ථානය තරමක කදු සහිත කොටසක් වන අතර අනතුර වන අවස්ථාවේ පාසල් දරුවන් නගරයේ පාසල වෙත ගොස් අවසන් වෙමින් පවතින උදෑසනක් විම සහ මහජනතාව වැඩි දෙනෙක් නගරයේ ගැවසෙන අවස්ථාවක්ද විය. ලොරි රථය පසු පසට ගමන් කරද්දි ඒ අසල පොලිස් නිලධාරීයෙක්ද කහ ඉර මත රාජකාරි කරමින් සිට ඇති අතර ඔහුද අනතුරෙන් බේරි ඇත්තේ ආරක්ෂිත් ස්ථානයකට ස්ථාන ගත විමෙනි. සිද්ධිය සම්බන්ධයෙන් හෙම්මාතගම පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.
කෙසේ වෙතත් හෙම්මාතගම නගරයේ ඔත්තේ ඉරට්ටේ ක්‍රමකට වාහාන නැවැත්විම සිදු කර යුතු අතරම කහ ඉර මාරු වෙන ස්ථාන අවට වාහාන නැවැත්විමද මගීන්ට බාධවක් වන අතර එය ඔවුන්ගේ ආරක්ෂාවටද බාධායකි. සටහන සමන් විජය බණ්ඩාර
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට