Sri Lanka
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයට පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමි පත් කෙරේ
2025-08-28 06:26 PM
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය සඳහා අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ තේරී පත්විය.

මෙම ධුරය සඳහා වූ නිලවරණය අද (28) පස්වරු 2ට අස්ගිරි මහා විහාරයේ මංගල උපෝසථගාරයේදී එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන නාහිමිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

හිමිවරුන් විසි දෙනෙකු අස්ගිරි කාරක මහා සංඝ සභාව නියෝජනය කරන අතර ඉන් 19 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබුණි.

අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ඓතිහාසික මහියංගනය රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි හා අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී  ධර්මාචාර්ය පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිවරු මෙම ධුරය සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වීමට දැහැත් ලබාදී තිබුණි.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයේ කටයුතු කළ පූජ්‍ය  ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමිගේ අපවත්වීම හේතුවෙන් එම පාර්ශ්වයේ එක් අනුනායක ධුරයක් පුරප්පාඩුව පැවතුණි.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට