Sri Lanka
ධාවන වු බස් එකට ගල් ගහලා 6 ක් පොලිසිය අත්අඩංගුවට ගයි.
48 | 2025-08-28 10:24 AM
වැඩ වර්ජනය පැවති අවස්ථාවේ ධාවනය කරන ලද පුද්ගලික බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කළ බව කියන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකුව වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ලංගම - පුද්ගලික බස් රථ ඒකාබද්ධ කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ඉකුත් 26 වැනිදා හලාවත,පුත්තලම සහ වව්නියාව - කොළඹ අතර පුද්ගලික බස් රථ සේවකයින් සේවයෙන් ඉවත් වී වර්ජනයක නිරත විය. එම වර්ජනය අතර තුර පුත්තලමේ සිට කොළඹ බලා ධාවනය වෙමින්තිබූ පුද්ගලික බස් රථයකට 26 වැනිදා සවස 2.45 ට පමණ වෙන්නප්පුව - නයිනමඩම පාලම ආසන්නයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර ඇත.එම ගල් ප්‍රහාරයෙන් පුද්ගලික බස් රථයේ දකුණු පස වීදුරුවට හානි සිදුවී ඇත.ගල්
ප්‍රහාරයෙන් බස් රථයේ ගමන් කළ කිසිවෙකුට හානියක් සිදුවී නැත.සිද්ධියට මුහුණ දුන් බස් රථයේ සේවකයින් විසින් මේ බව පොලිස් හදිසි ඇමතුම් (119) අංශයට දැණුම් දීමට කටයුතු කර ඇත.

එම දැණුම දීම අනුව ක්‍රියාත්මක වූ වෙන්නප්පුව පොලීසියේ 16 නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ සිදු කර සැකකරුවන් 06 දෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇත.පුද්ගලික බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කිරීම සදහා සැකකරුවන් දෙදෙනා පැමිණි බව කියන යතුරු පැදියද පොලීසිය විසින් සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතර ගල් ප්‍රහාරය එල්ල කළ දෙදෙනා (02) සහ සිද්ධියට අනුබල දුන් සිව් (04) දෙනෙකුද වන බව පොලීසිය කියයි. ඔවුන්කටාන,වෙන්නප්පුව,කොච්චිකඩේ,මාදම්පේ සහ ලුණුවිල පදිංචි වයස අවුරුදු 27,28,29,43,45 සහ 50 වියේ පසුවන අයවළුන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ පොලිස් බාරයට ගෙන ඇති යතුරු පැදිය මාරවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ජුඩ් සමන්ත හලාවත

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර