Sri Lanka
මාදම්පේ - කුලියාපිටිය අනතුරේ නවතම තත්වය
2025-08-27 01:13 PM
මාදම්පේ - කුලියාපිටිය මාර්ගයේ දුම්මලසූරිය පල්ලේවෙල ප්‍රදේශයේදී පාසල් වෑන් රථයක් අනතුරට පත් වීමෙන් පාසල් දරුවන් තිදෙනෙකු සහ වෑන් රථයේ රියදුරු එම ස්ථානයේදීම මිය ගොස්ඇති බව පොලීසිය කියයි.

27 වැනිදා පෙරවරුවේ මෙම අනතුර සිදුවී ඇත. කුලියාපිටිය නගරයේ පාසල් වල ඉගෙණුම ලබන දරුවන් පිරිසක්රැගත් වෑන් රථයක් මෙසේ අනතුරට පත්ව ඇත.ඉදිරියෙන් පැමිණ ඇති ටිපර් රථයක වෑන් රථය මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි.ටිපර් රථයේ රියදුරුට නින්ද යාම අනතුරුට හේතුව බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.

අනතුරින් වෑන් රථයේ සිටි සෙසු පාසල් දරුවන්ද බරපතල තුවාල ලබා ප්‍රතිකාර සදහා කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.රෝහල් ගත කර ඇති දරුවන්අතරින් කීප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මාදම්පේ - කුලියාපිටිය මාර්ගය තුළ පාසල් දරුවන් ප්‍රවාහනය කිරීම සදහා ප්‍රමාණවත් තරම් බස් රථ යොදා නොමැති වීම නිසා ඒ සදහා ඇතමුන් කුඩා ප්‍රමාණයේ වෑන් රථ භාවිතා කරන බව දෙමව්පියන් සදහන් කරයි. කුලියාපිටිය පොලීසිය වැඩිදුර විමර්ශණ කරගෙන යයි.

ජුඩ් සමන්ත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට