Sri Lanka
රොන් මඩ පිරුණු වැව නිසා ගොවිතැන් කරන්න බැරිව ඉන්න ගොවියෝ
60 | 2025-08-27 01:04 PM
වසර 20 ක පමණ කාලයකින් නිසි ප්‍රතිසංස්කරණයක් සිදු නොවීම හේතුවෙන් කරුවලගස්වැව - කුඩා ඔට්ටුපල්ලම වැව තුළ රොන් මඩ එකතු වී තිබීමෙන් නිසි පරිදි වගා කටයුතු කරගෙන යාමට නොහැකි වී ඇත බව ගොවීන් සදහන් කරයි.

කලාඔය හරස් කර ස්ථාපනය කර ඇති නීල බැම්ම ව්‍යාපාරයට අයත්යෝධ ඇල දිගේ කිලෝ මීටර් 13 ක් ජලය රැගෙන ගොස් කුඩා ඔට්ටුපල්ලම වැව පෝෂණය කිරීම සිදු වේ.යම් ආකාරයකට කුඩාඔට්ටුපල්ලම වැවට ජලය ප්‍රමාණවත් නොවුවනහොත් අවශ්‍ය ජලය ලබා ගැනීම සදහා ආසන්නයේම ඔට්ටුපල්ලම නමින් හදුන්වන වැව ද ඉදිකර ඇත.

කුඩා ඔට්ටුපල්ලම වැව යටතේ අක්කර 400 ක පමණ කුඹුරු යායක්වසරේ දෙකන්නයේම වගා කරති.ඊට අමරව ගොවීන් මෙම කුඹුරු යාය තුළ අතරමැදි කන්නයක ගොඩ බෝගයක් ලෙස මුං වගා කිරීම සිදු කරති. තවත් පිරිසක් කුඩා ඔට්ටුපල්ලම වැවේ ජලය ලබා ගෙන උස්සාන වගාවන්ද සදාහද යොමු වී සිටී.අක්කර 50 ක පමණ වන එම වගා බිම වසරේ සෑම දිනකම ක්‍රියාත්මක වේ.ඒ කුඩා ඔට්ටුපල්ලම වැවේ ජලය ලබා ගෙනය.මේ ආකාරයට බැළු විට කුඩා ඔට්ටුපල්ලම වැව යටතේ වගා කටයුතු සිදු කරමින් පවුල් 250 ක් පමණ ජීවිකාව සරි කර ගනිති.


එමෙන්ම නීල බැම්ම වයාපාරයෙන් යෝධ ඇල හරහා කුඩා ඔට්ටුපල්ලම වැවට ලැබෙන ජලයෙන් වැඩි කොටසක් පසුගිය කාලය තුළ දිනපතා පිට වාන හරහා කලාඔයට ගලා ගියේය.නමුත් මෑතක සිට කුඩා ඔට්ටුපල්ලම වැව තුළ ප්‍රමාණවත් තරම් ජලය ගබඩා නොවීම නිසා අද පිට වානද වියලී ගොස් ඇති ආකාරයක් දක්නට ඇත.

වැව තුළ එකතුවී ඇති රොන් මඩ කාලයකින් ඉවත් නොකිරීම හේතුවෙන් ජලය ප්‍රමාණවත් තරම් ගබඩා නොවීම සත්‍යයක් බව නීලබැම්ම ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ඩී.එම්.සෙනවිරත්න මහතා පැවසීය. මේ වෙන කොට කුඩාඔට්ටුපල්ලම වැවේ ජලය ප්‍රමාණවත් තරම් ගබඩා වෙන්නේ නෑ.ඒ නිසා කුඹුරු වලට ජලය මුදා හැරීමට හැකියාවක් නැහැ.ඒ නිසා අපිට සිදු වුණා වැවේ පිට වානට වැලි කොට්ට අතුරා ජලය පිටතට ගලා ගෙන යාම පාලනය කිරීමට.මේ වැඩේ හැමදාම කරන්න බැහැ.ඒ නිසා අපි පුත්තලම වාරිමාර්ග කාර්යාලයෙන් ඉල්ලීමක් කලා මේ වැවේ තියන රොන් මඩ ඉවත් කර දෙන ලෙස.ඉදිරි නියං කාලයේදී එම කටයුත්ත ඉතාමත්ම පහසුවෙන් කරන්න පුළුවන්.එසේ වුවහොත් පමණක් අපේ ගොවීන්ට ඉදිරි කන්න වගා කරන්න හැකියාව ලැබෙයි

සෙනවිරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

වැව් තුළ එකතු වී ඇති රොන් මඩ ඉවත් නොකිරීම නිසා තම වගාවන් කර ගෙන යාමට නොහැකි බවට ගොවීන් නගන අදෝනාවන් මීට පෙර අවස්ථා ගනනාවකදීම අප හෙලි කර ඇත.නමුත් අවාසනාවකට වගකිව යුතු අංශ ඒ සම්බන්ධයෙන් අවදානයක් යොමු කිරීම පසුවට කල් දමමින් සිටී.ඒ තුළින් සිදු වන්නේ එදා පෙරදිග ධාන්‍යාගාරයක්ව තිබූ අප රට දිනෙන් දින දරිද්‍රතාවයට ඇද ගෙන යාම පමණක්නොවේද?

ජුඩ් සමන්ත හලාවත


ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර