Sri Lanka
අධි බලැති විදුලි පහන් කණුවේ හැප්පුණු ලොරිය
2025-08-27 12:55 PM
ලොරි රථයක් අධි බලැති විදුලි පහන් කණුවක ගැටී අනතුරක්සි දුවීම හේතුවෙන් පුත්තලම ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී ඇත.
27 වැනිදා අළුයම පුත්තලම - අනුරාධපුර මාර්ගයේ කුරුණෑගල මංසන්ධියේදී මෙම අනතුර සිදුවී ඇත.

පරණ යකඩ තොගයක් රැගෙන කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන අධික බලැති විදුලි රැහැන් කණුවේ ගැටීමෙන් අනතුර සිදුවී තිබුණි.අනතුරත් සමග විදුලි රැහැන් සහිත කණුව කඩා වැටීමෙන් ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී ඇත. අනතුරින් ලොරි රථයේ රියදුරුට සහ රිය සහායකවරයාට හානියක්සිදුවී නැත. පුත්තලම පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශණ කර ගෙන යයි.

ජුඩ් සමන්ත හලාවත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට