Sri Lanka
හෙට කොළඹට ජනතාව රැස්කරන්න විපක්ෂයෙන් සැලසුමක්
2025-08-25 08:26 PM
විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ හෙට (26) දිනයේ පක්ෂ පාට භේදයකින් තොරව කොළඹට රැස්වීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක, අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

විපක්ෂයේ පක්ෂ රැසක සහභාගීත්වයෙන් අද (25) පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව දේශපාලන නියෝජිතයින් මාධ්‍ය වෙත අදහස් පළ කර කරමින් මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබානොදීම තුළ පොලීසිය මුලික ඇප කොන්දේසි පවා සලකා බලා නොමැති බවය.

එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අත්අඩංගුවට ගැනීම තුළින් මර්දනය ක්‍රියාත්මක වන බව පැහැදිලි වී ඇතැයි ද ඒ මහතා පැවසීය.මේ අතර, එම අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, දුමින්ද දිසානායක මහතා පවසා සිටියේ, ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන සියලුදෙනා හෙට කොළඹ රැස්විය යුතු බවය.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට