Sri Lanka
පාසලක සිසුන් දෙදෙනෙකු කළුතර කලමුල්ල ප්‍රදේශයේ මුහුදේ ගිලි මරුට.
2025-08-25 05:45 PM
කළුතර ,කරමුල්ල, ප්‍රදේශයේ මුහුදේ අනාරක්ෂිත ස්ථානයක දිය නෑමට ගොස් හොරණ ප්‍රදේශයේ පුද්ගලික පාසලකවයස අවුරුදුපහළොවකසිසුන් දෙදෙනෙකුදියරළකට හසුව ගසාගෙනගොස් තිබියදී සිරුරු අද 25 පෙරවරුවේ කටුකුරුන්ද ප්‍රදේශයටගොඩ ගසා ඇතැයි දකුණු කළුතර පොලිසිය කියයි.
මුහුදේ නෑම සඳහා සිසුන් තිදෙනෙකු පැමිණ සිට ඇති අතර එක් සිසුවෙකු ප්‍රදේශවාසීන් විසින් විසි හතරදා හවසබේරාගෙන ඇත. අද (25)උදෑසන 6.00ට පමණ කළුතර කටුකුරුන්ද ප්‍රදේශයට එම සිසුන් දෙදෙනාගේ දේහයන් ගොඩ ගසා තිබූ අතර කළුතර දකුණ පොලිසිය සමඟ,කළුතර අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර හදිසි මරණ පරීක්ෂක නිරීක්ෂණයෙන් අනතුරුව මෘත දේහයන් කළුතර නාගොඩ ශික්ෂණරෝහලවෙත යොමු කළ අතර වැඩිදුර පරීක්ෂණ කළුතර දකුණු පොලිස් ස්ථානය සිදු කරනු ලබන බව පැවසීය. සිසුන් තිදෙනා 24 පස්වරුවේ බස් රථයෙන් කළුතර ප්‍රදේශයට පැමිණ කලමුල්ල ප්‍රදේශයේ මුහුදු තීරයට නෑමට පැමිණ ඇති අතර අනතුරුව google සිතියම හරහා තවත් සෙසුවෙකු එම ස්ථානයට ගෙන්වාගෙන ඇත.. එම සෙසුවා මුහුදේ නෑම නොකර සිට ඇති අතර අනිත් සිසුන් තිදෙනා මුහුදේ නාමෙන් විනෝද වී මද වේලාවකින් මුහුදේ රළ පහරට හසු ව ගසාගෙන ගොස් ඇති අතර නැවත රළ පහරක් සමග එක් සිසුවෙකු තිදෙනාගෙන් ගැලවී ඇති අතර පින් එක්සිසුවෙකු පමණක් ප්‍රදේශවාසීන් දිවි බේරා ඇත. අනිත් සිසුන් දෙදෙනා එකට බදාගෙන මුහුදු යටට නොපෙනී ගිය බව එම සිසුන් කණ්ඩායමේ සිව්වෙනියා පොලිසියට පවසා තිබේ. කළුතර දකුණ පොලිසිය සුද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

අලුත්ගම තුසිත කුමාර ද සීල්වා

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට