Sri Lanka
තරාතිරම වැදගත් නෑ...නීතිය ඉදිරියේ කවුරුත් පොදුයි -මහජන ආරක්ෂක අමාත්‍ය
51 | 2025-08-22 06:17 PM
වර්තමාන ආණ්ඩුව නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් සිටින බවත්, තරාතිරම නොබලා නීතිය එක ලෙස ක්‍රියාත්මක වෙන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අද (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, පොලිස්පති ද ? නියෝජ්‍ය පොලිස්පති ද ? හිටපු ජනාධිපති ද ඊට අදාළ නොවන බවය.

කවුරුන් හෝ වරදක් කර ඇත්නම් නීතිය ඉදිරියට ඔවුන්ව ගෙනඒමට පසුබට නොවන බව ද පැවසු අමාත්‍යවරයා, මේ වනවිට සිදුවෙමින් ඇත්තේ එලෙස වැරදි කරන ලද පිරිස් තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන ඒම බව ද පැවසීය.

ආණ්ඩුව රට භාරගන්නා අවස්ථාවේ ආර්ථික බංකොළොත්භාවයක් පමණක් නොව, සමාජ, දේශපාලනික වශයෙන් රට තුළ බංකොළොත් වී සිටි බවත් සමාජ පරිහානියට ලක්වෙමින් තිබූ රටක් ජාතික ජන බලවේගය භාරගත් බවත් අමාත්‍යවරයා කියා සිටියේය. ඒ අනුව සෑම වින්දිතයෙකුටම සාධාරණත්වය, යුක්තිය ඉටු කරන බවට වූ සහතිකය රජයක් ලෙස ලබාදෙන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර