Sri Lanka
රුපියල් කෝටි දෙකක හෙරොයින් ප්ලාස්ටික් බටයක බහා රැගෙන ගිය සැකකරුවෙකුඅත්අඩංගුවට
2025-08-22 03:54 PM
රුපියල් කෝටි දෙකක් පමණ වටිනාකමකින් හෙරොයින් මත්කුඩු පීවීසී නලයක සගවා රැගෙන යමින් සිටී පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුඩා පයගල ප්‍රදේශයේ පදිංචි 43හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය. සැකකරු කිසියම් පුද්ගලයකුට ලබාදීම සදහා පීවීසී නළයක පුරවා හෙරෝයින් මත්කුඩු රැගෙන යන බවට පොලිස් විශේෂ කාර්යංශයට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම පයාගල ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. එකී පීවීසී නලය පරීක්ෂා කිරීමේදී හෙරොයින් මත්කුඩු කිලෝ 1 යි, ග්‍රැම් 175 සැකකරු සන්තකයේ තිබීපොලිසිය භාරයට ගත්බවඋසස් පොලිස් නිලදාරියෙකු සදහන් කරහ.. සැකකරුගේ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන තිබේ. මුහුදු මාර්ගයෙන් බෝට්ටුවලින් රැගෙන ආ මත්කුඩු තොගයක් තොග වශෙයෙන් බෙදාහැර ඇති බවට සැකකරුගේ ප්‍රකාශ වලින් හෙලිව ඇති බව පොලිසිය සදහන් කරයි . සැකකරු කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට අදඉදිරිපත් කිරීමට නියමිතය කළුතර කොට්ඨාශ කොට්ඨාසවිෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකරර තිබේන අතර කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරිකාවින්ද පියසේකර මහතා මත්ද්‍රව්‍ය පරීක්ෂා කරනඅයුරු සේයාරුවෙන් දැක්වේ.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට